මීගමුවේ පිරිසිදු ආපනශාලා ඇතිවෙනවට අකමැතිවුනේ හිටපු නගරාධිපති ජයවීරද ? හිටපු සෞඛ්‍ය කමිටු සභාපති දයාන්ද ? ?

0
97
මීගමුවේ පැවැති හෝටලයක කුස්සියක්
මීගමුවේ පැවැති හෝටලයක කුස්සියක්

( 10.00 am ) මීගමුවේ ආපනශාලා පළාත් පාලන නියමයන්ට අනුව H 800 යන වගන්තියට අනුව වර්ගීකරණය කිරිම සදහා වැඩසටහන් ආරම්භ කරන්නට යෙදුනේ නිමල් ලංසා මීගමුවේ නගරාධිපතිව සිටින කාලයේදිය.
එනම් මීට වසර 12 කට පෙර තරම් කාලයකදිය.
පසුව නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකු කැබිනට් නියෝජ්‍ය ඇමතිවරයෙකු විය.
එහෙත් මිගමුවේ ආපනශාලා වර්ගීකරණය කොට ප්‍රමිතකරණයකට යටත් වුයේ නැත.
එදා නිමල් ලංසාට කරගන්නට බැරිවුණ මිගමුවේ ආපන ශාලා වර්ගිකරණය පිළිදව ප්‍රශ්ණ ඊළගට පැවරුනේ ද ලාසු පවුල වෙතටමය.phi 4phi 6phi 12phi 21phi 19phi 17
ඒ දායාන් ලංසා  මීගමුව සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා විමත් සමගින්ය. ඔහු වසර 8 කට වැඩි කාලයක් එහි සභාපතිධුරය දැරු අතර නියෝජ්‍ය නගරාධිපතිවරයාද විය.
එහෙත් ගෙවුණ දශකයකටත් වැඩි කාලයක් තුල මීගමුවේ ආපනශාලා විධිමත් ලෙසින් පිළිවෙල කරන්නට හැකිව තිබුනේ නැත..
මීගමුවේ හෝටල් වර්ගිකරණය කිරිම ගැන අප මහජන සෞඛ්‍ය නිලධාරින්ගෙන් විමසා සිටින අවස්ථාවෙදි ඔවුන් හැමදාම කියා සිටියේ තවත් මාසයකින් එය ඉටුකරනු ලබන බවය.
එහෙත් වසර ගණන් ගෙවුනද ඒ මාසය කවදාවත්ම පැමිණියේද නැත.phi
මෙවන් පසුබිමක් යටතේ මෙහි ඇති වැදගත්කම නගරාධිපති ඇන්ටනි ජයවීර හට කියා සිටියද ඉන්ද  සෙතක් වුයේ නැත.
මිගමුවෙු බදු ගෙවන ජනයාට වඩාත් සමිපතම ජනතා මාධ්‍ය ලෙසින් මිපුර වෙබ් අඩවිය සහ පුවත්පත මේ ප්‍රශ්ණය ගැන දිගින් දිගටම මැදිහත්වු බව දැනට දායන් ලංසා පාලනය හා ඉතාමත් සමිපයෙන් කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතා  ඉතා හොදින් දනි.
දැන් නගරාධිපති දායාන් ලංසාය.
වරින් වර වැලිම් නඩුදැම්ම සිදුවන අන්දම ගැන නගරාධිපතිවරයාගේ මුහුණු පොතේ වාර්තා පිටුඅතර දැන් පිරියමින් තිබේ.
ආසන්නතම වැටලිම මිගමුවේ නොනිදන නගර වන පෙරියමුල්ල ආශ්‍රිත ආපනශාලා සම්බන්ධයෙනි.
නඩු ගොඩක් වැටුණු බවද පෙනි ගියේ ඒ ඇතැම් නම්දාරපු හෝටල් වලද කුස්සි අස්සට නෙත යොමුවිමත් සමගින්ය.
දැන් යළිත් වරක් බෝලය ඇත්තේ ලංසා පවුල අතේය.
නගරාධිපති දයාන් ලංසා දැනට වැඩ කරගෙන යන අකාරය අනුව මිගමුව තුල ආපන ශාලා වර්ගීකරණය කිරිමට කිසිදු බාධාවක් ඇති විය නොහැකි බව පෙනේ.
මන්ද ඔහු වැඩකරන්නේ මොඩර්න් ආකාරයකටය.
සල්ලි විසිකිරිමටද ප්‍රසිද්ධියට කැමැති අයෙකුද වෙයි.
ලංකාවේ නගර ගණනාවකම අති සාර්ථක ලෙසින් ක්‍රියාත්මක ආපනශාල A ශ්‍රෙණිය ,B ශ්‍රෙණිය ,C ශ්‍රෙණිය ,යනාදි වශයෙන් වර්ගිකරණය කලහැකිව තිබේ.
මේ ගැන ඉතාමත් හොදින් දන්නා දක්ෂ එමෙන්ම දැනට දයාන් ලංසා පාලනය තුල ලොකුවගකිමක් දරන මහජන සෞඛ්‍ය පරික්ෂකයන් වන ගුණරත්න මහතා සහ වසන්ත යන අයට මේ ගැන අමුතුවෙන් කියා දිය යුතු නොවේ.
dayan 3
මින් කියැවෙන්නේ කුමක්ද ?නගරයක ආහාර ප්‍රමිතිගතකරණයකට ගෙනඒමට සැලැස්මක් නිර්මාණය කිරිමට සහ ක්‍රියාත්මක කිරිමට වසර 10 ගියද හිටපු සෞඛ්‍ය කමිටු සභාපතිවරයාට නොහැකි වු බවද.මේ නිසාම පසුගිය දශකයක කාලයක් තිස්සේ මිගමුවේ ආපනශාලා හිමියෝ බහුතරයක් ප්‍රමිතිය ගැන කිසිදු වගක් නැතිව පිස්සු කෙලින තත්වයකට පත්ව තිබුණේය.
දැන් යළිත් බෝලය දයාන් ලංසා අතේය.
ඔහු නගරාධිපතිය.
හෝටල් වල කුණු වෙච්ච ආහාර අල්ලන්න දැන් කැමරා කණ්ඩායමක්ද රැගෙන ඔහු මහජන සෞඛ්‍ය පරික්ෂකයන් සමගින් සංදර්ශණයක්ද පවත්වමින් සිටි.
මේ සියල්ල ගැන අපට කියන්නට ඇත්තේ  විසිල්  විතරමයි බල්ටිනැති බවය.
එබැවින් දශකයකටත් වැඩිකාලයක් තිස්සේ ලංසා පවුල් හවුල් පාලනයට අතපසු වුන මිගමුව වැනි සුපිරි සංවාරක ආකාර්ශනයක් සහිත නගරයකට නොපමාව අාපනශාලා වර්ගීකරණයක් සිදුවන තෙක් බලා සිටිමු.