මීගමුවේ පුනරුත්ථාපන කඳවුර වටේට මත්ද්‍රව්‍ය කලාපයක්..?

0
558

dalupotha camp 1තරුණ වරදකරුවන් පුනරුත්තාපනය කිරිම සදහා වන එළිමහන් සිරකඳවුර පිහිටා  ඇත්තේ මීගමුවේ දළුපත ප්‍රදේශයේය.පුනරුත්තාපන කාලය තුලදි විවිධ වෘත්තින් පුහුණු කිරිමක්ද මෙහිදි සිදුවේ.
මේ පුනරුත්තපාන වැඩ සටහන බරපතල තර්ජනයකට ලක්කරමින්  සකලාකාරයේ මත්ද්‍රව්‍ය කලාපයක් මේ කඳවුර අවට නිර්මාණය වි ඇති බව වාර්ථා වේ.
මත්කඩු,මත්විම සදහා පාවිච්චි කරන කරල් වර්ග,ගංජා සහ නිනිවිරෝධි මත්පැන් අලෙවි සැල්ද මේ හතර වටේම ස්ථාපිතව ඇති අතර මේවා බොහොමයක් පවත්වාෙගන යනු ලබන්නේ පවුල් වලම  සහ ඒ ඔවුන්ගේම ඥාතින්ය.
පුනරුත්තාපන කඳවුරේ තරුණයන් පිටිපස්සෙන් පැන ගොස් මේ මත්ද්‍රව්‍ය මිළදි ගන්නා බව දැන් ප්‍රසිද්ධ රහසක්ය.
මේ සම්බන්ධයෙන් මීගමුවේ පොලිසිය නිසි පියවරයන් ගත්තේ නැත්නම් තවත් බරපතල වියහැකි බව මෙහි යථා තතු දන්නා ප්‍රදේශවාසියෙකු මීපුරට පවසා සිටියේය.