මීගමුවේ පොංගල් සැමරීම ජයටම

0
231

 

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හින්දු තරුණ සමිතිය එක්ව දොළොස් වැනි වරටත් සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය ගම්පහ දිස්ත්‍රික් ලේකම් (දිසාපති ) ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලව ආරච්චි මහත්මියගේ උපදෙස් මත 23 වෙනි දින උත්සවාකාරයෙන් පවත්වන ලදී.

ජාතින් හා ආගම් අතර සහජීවනය ඇති කිරීම සඳහා දොළොස් වැනි වරට සංවිධානය කරන ලද මෙම උත්සවයේදී හින්දු ආගමික චාරිත්‍ර අනුව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදු කළේය,කෝලම් රටා මැවීම තරගයක් වශයෙන් පැවති අතර හින්දු තරුණියන් ඉදිරිපත් කළ භාරතීය රංගනය කාගේත් සිත් ගත්තේය,තෛපොංගල් කිරිබත සකස් කිරීම ට මෙහිදී ප්‍රමුඛතාවයක් ලබා දුන්නේය,ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා මුළු දිස්ත්‍රික්කය පුරා විවිධ සංවිධාන එක්ව ජනතාව අතර ආකල්පමය වෙනසක් ඇතිකොට රට තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට දැනටමත් ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ගෙන ඇති වැඩපිළිවෙළක් ගැන දීර්ඝ විස්තරයක් කළේය,

මෙම අවස්ථාවට ඇන්තනී නිශාන් පියතුමාද,තිරුවා කුරක්කල් තුමාද,හබරාදූව රාහුල හිමිද,රියාස් මවුලවි තුමන් ,ආගම් නියෝජනය කරමින් පැමිණ අනුශාසනා පැවැත්වූහ.මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය මගින් කාර්ය මණ්ඩලය හා එක්ව මෙම උත්සවය මෙහෙයවන ලද අතර ජාතික ඒකාබද්ධතා අංශය වෙනුවෙන් එස්.එෆ්.සුසන්ත සපරමාදු මහතා මෙහෙයුම් කටයුතු කරන ලදී.

WhatsApp Image 2025 01 23 at 12.10.01 21c4242a WhatsApp Image 2025 01 23 at 12.09.59 c3aff007 WhatsApp Image 2025 01 23 at 12.09.58 04db5ee6 WhatsApp Image 2025 01 23 at 12.09.56 8c2731f0WhatsApp Image 2025 01 23 at 12.09.54 4b688c33

රේමන් අපෝන්සු 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here