මීගමුවේ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට

0
75

 

අලුත්කඩේ මහේස්ත්‍රාත්දී අධිකරණයේදී  ඊයේ (19)  ඝාතනයට ලක්වූ  සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කිරීම  සදහා   ඊයේ උසාවි සංකීර්ණයට ගිනි අවිය රැගෙන ගිය කාන්තාව සමඟ දුරකථන සබඳතා  පැවැත්වූ බව කියන මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකුව අද සවස කොළඹ අපරාධ කොට්ඨාශය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පොලිස් නිලධාරීයා මිගමු පොලීසියේ අපරාධ අංශයේ සේවය කළ නිලධාරියෙකු බවත් වාර්තා වේ.
සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කාන්තාව සමග මෙම පොලිස් නිලධාරියා සිදුකළ දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පදිනම් කොට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here