මීගමුවේ පොහොට්ටුව හදන්න මුල්වුණ කපිලගෙන් සරත් සහ ලංසා පලිගත්තේ ඇයි ?

0
39

LANSA SARATHමීගමුව හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචනගෙන් මේ දිනවල දැවැන්ත පලිගැනිමක් සදහා මෙහෙයුමක් ක්‍රියාත්මකය.
මේ මෙහෙයුම පිටුපස සිටින ප්‍රධානින් වන්නේ සරත් ගුණරත්න සහ නිමල් ලංසාය.
හාදවෙලා යමන් පනේ දැයි කරට අතදාගෙන සිටින මේ දෙදෙනා කලක නයි වෛරක්කාරයන්ය.
පත්තර පුරා තවරාගත් මඩ තලි තවමත් එලෙසින්මය.
මීගමුවේ ඒකාබද්ධ විපක්ෂය ගොඩනගන්නට සරත් ගුණරත්න පවා මුල් නොවු පසුබිමක එයට පෙරමුණ ගෙන ක්‍රියාකර කලේ කපිල සහ සකාවුල්ලාය.
සරත් සහ මිගෙල්ලා මෙන්ම දනියල්ලාද එක්වනනේ ඉන් පසුවය.
ඒ කෙසේ වෙතත් සරත් සහ නිමල් ලංසා මීගමුවේ ඒකාබද්ධය හැදිමට දායකවිමට පටන් ගැනිමේදිම කල් යල් බලමින් මගහැර සිටියේය.
ඒ් සදහා එක්වු මොහොතේම දැනට වසරකට පමණ කලින් සරත් ලංසා විසින් ඇතිකරගත් එක්තරා එකගතාවක් වු බව දැන් හෙළිවි තිබේ.
එනම් මීගමුව මහනගර සභාවට පත්ව වසර 5 ක් තිස්සේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙසින් කටයුතු කළ කපිල නන්දසුලෝචන එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලිමට ඉඩලබානොදිය යුතු බවටය.
මීට සති 3 කට පමණ කලින් සිට මේ තින්දුව දැන සිටි  පොහොට්ටුවේ ඇන්ටනි ජයවීර දයාන් ලංසා මෙන්ම බන්දුල නාඔටුන්නද විය
මේ කුමන්ත්‍රණය දැන් ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ.එයට නිසි ප්‍රතිචාර දැක්විම සදහාද බොහෝ පිරිස් මේ වන විටත් පෙළගැසෙමින් සිටින බවද වාර්ථා වේ.