මීගමුවේ පොහොට්ටු සංවිධායක සරත්ව අල්හිලාල් පාසැල් සංවත්සර උත්සවයෙන් කපා දැම්මේ කව්ද ?

0
240

sarath Mahindnew(දෙවන සංස්කරණය ) අල්ලිහාල් විදුහලේ ශත සංවත්සර උත්සවය මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය.මීගමුවේ පාසැලක් වසර 100 ක් සමරමින් දැවැන්ත උත්සවයක් සංවිධාන කර තිබිම සැබැවින්ම ඉතා සතුටට කරුණකි.
එවැනි සුපිරි ගණයේ උත්සවයක් සංවිධානය කිරිමට හැම අතකින්ම මහන්සි වු අලුත පැමිණ විදුහල්පතිතුමාගේ දායකත්වය සැබැවින්ම අගනේය.
එහෙත් මේ සියල්ලන්ගේ මහන්සියේ ප්‍රථිපල කොල්ලකැමට හැම අතින්ම කුමන්ත්‍රණය කළ දේශපාලකයන් දෙදෙනෙකු නිසා විදුහල්පතිවරයාගේ කිරිකලයටද දැන් ගොම තලියක් වැටි ඇති සෙයකි.
අද ඇරඹි උත්සවයේ වේදිකාවේ සිටින දේශපාලකයන් දෙස බල විට එය මැනවින් පැහැදිලිය.
මීගමුවේ පමණක් නොව අල්හිලාල් විදුහලේ සංවත්සර වේදිකාවේ සිටින සියළුම දේශපාලකයන්ට වඩා ජේෂ්ඨයෙකු වු මිගමුවේ පොහොට්ටු සංවිධායක සරත් ගුණරත්නට විධිමත් ලෙසින් ඇරයුම් කොට මේ උත්සවයට සම්බන්ධ කරගැනිමට ඉඩනොදි කුමන්ත්‍රණයක්ද යන ප්‍රශ්ණය මේ වන විට සංවාදයට බදුන් වෙමින් තිබේ.
ඒ නිසා ඔහුගේ නම පවා සකස්කරන ලද ඇරයුම් පත්‍රයේද නොවිය.
පෙරියමුල්ලේ ශ්‍රිලනිප මුස්ලිම් ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ අල්හිලාල් විදුහලට සරත් ගුණරත්න විසින් සිය පළාත් සභාධුර කාලයේදි මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකුව සිටියදි පවා විශාල සහයක් ලබා දුන් බවය.
එහෙත් අද ඔහුට මේ උත්සවයට ඇරයුමක් නැත.
ඒ මිගමුවේ දේශපාලනය කළ යුත්තේ තමන්ගේ පවුල යැයි සිතන නිමල් ලංසා සහ ඔහුට දේශපාලන වහල්කම් කරන මුස්ලිම් දේශපාලකයෙකු නිසාද යන්න ගැනද කසුකුසුවක් දේශපාලන සමාජය තුල හිසඔසවමින් තිබේ.
මීගමුව ඉතිහාසයේ දුර්වලම දීනම නියෝජ්‍ය නගරාධිපති වරයා වන්නේද ඔහු බව දැන් මිගමුව තුල නම් ප්‍රසිද්ධ රහසකි. ඒ මන්දයත් නගරාධිපතිවරයා විදෙස් ගත වු කිසිදු අවස්ථාවක නියෝජ්‍ය නගරාධිපතිවරයා හට වැඩ බලන නගරාධිපති පවරා ගොස් නොතිබුණද ඒ ගැන කිසිදු විරෝධයක් දැක්වුයේ නැති බවද දැන් ප්‍රකට කරුණකි.එය ඔහුගේ අයිතියක් වුවද කිසිදා ඔහු ඒ වෙනුවෙන් පෙනි සිටියේ නැත්තේද ඔහුගේම වාසියට යැයිද කියැවේ .
මුස්ලිම් සමාජය තුල ඔහු විසින් කරන්නට යෙදුන ලොකුම පාවා දිම වන්නේ රාජපක්ෂ පවුලට එරෙහිව ඔහුට ලබා දුන් ඡන්දය පාවා දෙමින් පොහොට්ටුවේ නගර සභාවක් ස්ථාපිත කිරිම සදහා සහය පළකර සිටිමය.
ජයග්‍රහණය පිළිබදව දැඩි අර්බුදයක සිටින ඇමති නිමල් ලංසාට දැන් මිගමුවේ කතෝලික ඡන්ද වැටෙන්නේ නැති බව පසුගිය මැතිවරණ වලදිම ඔප්පු වි හමාරය.
ඒ බව හොදින්ම දන්නා නිසා මුස්ලිම් ප්‍රජාව තුල සිටින දේශපාලන කොන්ත්‍රාත්කරුවෙකු හරහා මුස්ලිම් ජනයා රවටා මනාපය ගැනිමට දැන් මාන බලමින් පෙරිමුල්ලේම කරක්ගහමින් සිටින අයුරු සැමට ප්‍රකටය.
වලන්කාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට එක දවසක් යැයි කථාවක් තිබේ.
අල්ලිහාල් විදුහලට සිදුව ඇත්තේද එවන් තත්වයකි.
විදුහල්පතිතුමාගේ මහන්සිය කපටි දේශපාලකයන් දෙදෙනෙකු විසින් එහෙම පිටින්ම විනාශ කර දමා තිබිමයි.
මේ අතර මිපුර අමතා කථා කළ සංවත්සර කමිටුවේ සමාජිකයෙකු අපට කියා සිටියේ සරත් ගුණරත්න මිගමුවේ පොහොට්ටු සංවිධාකයා නොවන නිසා ඔහු ඇරයුම් නොකල බවය.
එවිට අප අසා සිටියේ එසේ නම් මිගමුවේ පොහොට්ටු සංවිධාකයා කව්දැයි කියාය.
එයට පිළිතුරක් නොකියාම ඔහු දුරකතනය තැබුවේය.