මීගමුවේ බට් වාහන පරිහරණය කළ අය තවමත් නිදැල්ලේ ?

0
239

මීට සති කිපයකට ඉහතදි මීගමුව අපරාධ කොට්ටාශයේ මෙහෙයවිම යටතේ කටාන පොලිසිය විසින්  නිති විරෝධිිව එකලස් කරන ලද V8 වර්ගයේ වාහනයක් මිරිස්වත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම වාහනය අත්අඩංගුවට ගෙන සති දෙකකුත් ගෙවි ගොස් තිබියදි මෙකි බට් වාහනය නවතා තිබුන නිවසේ නිවෙස් හිමියාව අත්අඩංගුවට ගැනුන අතර පසුව ඇප මතනිදහස්  කර ඇත.

මෙහිදි උසාවිය නියෝග දි තිබුනේ තවත් සැක කරුවන් දෙදෙනෙකු උසාවිය හමුවට ගෙන එන ලෙසය.මිළඟ නඩු දිනය නොවැම්බර් 27 වනදාට  යෙදි ඇත.
මෙම සැකකරුවන් ලෙසින් සැලවෙන්නේ ඇවෙන්රා හෝටලයේ හිමිකරු ධනෙශ් නැමැත්තා සහ දිනේශ් නැමැත්තෙකි.
උසාවිය මෙසේ නියෝග දෙන්නට පෙර  මෙම වාහනය මිරිස්වත්තට පදවාගෙන ගියේ යැයි කියන සුදේශ් නැමත්තා පොලිසියට ගෙන්වා  කටඋත්තරයක් ගෙන මුදා හැර තිබුන බවද සැලය

තතු මෙසේ තිබියදි මෙම බට් වාහනය ගැන දන්නා අය කියා සිටින්නේ මෙය පරිහරණය කළ තැනැත්තන්  තවමත් නිදැල්ලේ සිටින බවය.
කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් V8  බට් වාහනය මිගමුවේ විවිධ වැදගත් ස්ථානවල වල නවතා තිබි ඇති බවත් , විවිධ උත්සවලට සහ ප්‍රියා සාද වලටද  භාවිතා කර තිබුන බවට ජනයා අතර ඉතා පැහැදිලි කුසුවක්  පැවැතුණි.

මෙම වාහනය පරිහරණය කිරිමේදි වෙනත් වාහන වලට අංක තහඩුව භාවිතා කරමින් ධාවනයේ නිරතව සිටි බවටද තොරතුරු පවති.

ලංකාවේ වෙනත් ප්‍රදේශවලදි  නම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ මෙම බට් වාහන පරිහරණය කළ තැනැත්තන්ව