මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් වලින් නගර සභා නිලධාරින්ට අද සාදයක් ?

0
63

Wines_12-Bottle-Red-Caseමීගමුව මහනගර සභාවේ නිලධාරින් සදහා අද ( දෙසැ30 ) මුන්නක්කරය අලියා පොල උත්සව ශාලවේදි සාදයක් සංවිධානය කර ඇතැයි වාර්ථා වේ.
2017 අයවැය අවසන් කිරිීම නිිමිත්ත‍ෙන් මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම සාදය  මීගමුවේ බදුගෙවන ජනයාගේ බදුමුදල් වලින් සිදුකරන්නේ කෙසේ දැයි අප කළවිමසුමකට පිළිතුරු දුන් මීගමුව මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ මෙවැනි සාද සදහා නගර සභා අරමදුල් යෙදිමට කිසිදු අයිතියක් කිසිවෙකුටත් නැති බවත් මීට කලින්ද මෙසේ සිදුකරන්නට යෙදුන සාදයක් සදහා විගණන විමසුමක්ද ඉදිරිපත්ව ඇති බවත්ය.
කෙසේ වෙතත් අද සවස් යාමයේ මේ සාදය පැවැත්විමට නියමිත බව අපේ ආරංචි මාර්ග දක්වා සිටි.