මීගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් පෙනි සිටි මීපුර මාධ්‍යවේදින්ව පොලිසි ගෙනයන්න එජාප මන්ත්‍රි ගිහාන් සැරසෙයි ?

0
66

gihan 1ගිහාන් ප්‍රනාන්දු යනු එජාප නගාරික මන්ත්‍රිවරයෙකි. කලකට ඉහතදි මීපුර වෙබ් අඩවියට පණ ඇරගෙන සිටි අයෙකි.
තමන්ගේ විරුද්ධවාදින් හට පහර දිම සදහා ඔහු නොකඩාවාම මීපුර අමතන්න ට අමතක නොකළ මන්ත්‍රිලා අතර ප්‍රමුඛයෙකි.
එහෙත් දැන් ඔහුට මීපුර වෙබ් අඩවිය පේන්න බැරිය.දැන් ඔහු විසින් එහි මාධ්‍යවේදින්ව පොලිසියට දැක්කිම සදහා මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පැමිණිල්ලක්ද කර ඇතැයි මීගමුව මහනගර සභාවට පැමිණ කයිවාරු ගසා ඇතැයිද වාර්ථා වේ .
එයට හේතුව ලෙසින් දැනගන්නට ඇත්තේ අප විසින් ලියු පුවතකි.
එහිදි අප මතු කර සිටියේ රු ලක්ෂ 1600 ක් වැය කරමින් ඉදිකරන්නට යන පුස්තකාල ගොඩනැගිල්ල හේතුකොටගෙන මහනගර සභාව මුල්‍යමය වශයෙන් අර්බුදයකට යාමට නියමිත විම ගැනය.
එමෙන්ම මීගමුවේ ප්‍රධාන වශයෙන් විසදාලිය යුතු ප්‍රශ්ණ රැසක් තිබියදි ලක්ෂ 1600 ක් ණයට ගෙන පුස්තකාලයක් හදන්න තරම් කලබලයක් ඇත්තේ කාටද ඒ ඇයිද යනුවෙන් අප ප්‍රශ්ණ කළෙමු.
එහෙන්ම අප එහිදි අවධාරණය කරන්නට යෙදුනේ එජාප මීගමු ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත විසින් බස්නාහිර පළාත් සභාවේදි මෙම පුස්තකාල ව්‍යපෘතියට විරෝධය පළකරමින් කථා කොට කියා සිටි කරුණුය. එනම්  මෙම ව්‍යාපෘතිය නිස ලොකු කොමිස් මුදලක් ලැබෙන බවත් ඒයින් කොටසක් මහඇමතිවරයාගේ සාක්කුවටද යන බවට රාවයක් මිගමුවේ පැතිර යමින් තිබෙන බවත් එහිද රොයිස් විජිත විසින්ද කියා තිබුණි.
මේ අනුව අප මතුකර සිටියේ එජාප ආසන සංවිධායකයා හා ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ නායකයා එසේ බරපතල විරෝධයක් පළාත් සභාවේදි මතු කරද්දි ඔහුගේ ස්ථාවරයට පිටින් යමින් මේ පුස්තකාල ව්‍යපෘතිය සදහා ගිහාන් ඇතුළු එජාප මන්ත්‍රිලා මීක් කිවේ නැත්තේ ඇයිදැයි ප්‍රශ්ණ කරමිනි.
එයට හේතුව ලෙස පැතිර යන කටකථාව වි ඇත්තේ මේ ව්‍යපෘතියේ කොන්ත්‍රාත්කරු විසින් ලබාදිමට නියමිත කොමිස් මුදල් එජාප මන්ත්‍රිවරුන්ටද ලැබෙන නිසාදැයි යන ප්‍රශ්ණය අප එහිදි මතු කලෙමු.
මීගමුව මහනගර සභාවේ සියල්ල නිවරදිව කළමණාකරණය කිරිම සදහා මුලික යතුර තිබෙන තැන වන්නේ එහි මුදල් කාරක සභාවයි.
එජාප  වෙනුවෙන් එය නියෝජනය කරන්නේ ගිහාන් ප්‍රනාන්දු ,නස්මියාර් සහ රවි ජිවානන්ද යන නාගරික මන්ත්‍රිවරුන්ය.
එහෙත් අවාසනාවක මහත වන්නේ මේ මන්ත්‍රිවරුන් මේ පුස්තකාල ව්‍යාපෘතිය ගැන මරාන්තික නිහඩ බවක නියැලි සිටිමයි.
ඒ ඇයිදැයි දැන ගැනිම සදහා අප ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා අමතා සිටියද ඔහු පිළිතුරු දුන්නේ නැත.මීට කලකට ඉහතදි අපගේ  අංකයකින් යන දුරකතන ඇමතුමකට පිළිතුරු දිමට නොහැකිව තිබුන හොත් මහරැ හරි පෙරළා අමතන පුරුද්දක සිටි ගිහාන් මන්ත්‍රිවරයා අද වෙන තුරුත් අප ඇමතුමේ නැත.
හේතුව ඇයිදැයි දන්නේ ඔහුම පමණි.මේ නිසා අප එදිනම එනම් 2016 මැයි 6 වනදා නස්මියාර් මන්ත්‍රිවරයා අමතා  ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගතිමු.එහි හඩ පටයද සමගින් අප ඉදිරි දිනකදි පළකරන්නෙමු.
එදිනම අප මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාටද දුරකථනයෙන් කථා කොට ප්‍රකාශක් ලබාගන්නට උත්සාහ කළද ඔහුද පිළිතුරු දුන්නේ හෝ පෙරලා අප ඇමතුවේ නැත.
මේ පසුබිම යටතේ අපි අපේ ලිපිය අපේ අදහස් හා විවේචන මත පදනම් වෙමින් පළකලෙමු.

අප ක්‍රියාත්මක වන්නේ කාගේවත් න්‍යාය පත්‍රවලට අනුව නම්නොවේ . අපට ඇත්තේ එක අරමුණකි.එනම් මේ රට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි එකක් බවට පත්කරගැනිමත් මීගමුව හෙටට ගැලපෙන නගරයක් සේ ගොඩනැගිමත්ය..
මේ අරමුණු වෙනුවෙන් අප මීගමුව තුල වසර 15 කටත් වඩා වැඩි කාලයක් ප්‍රතිපත්තිගරුක මාධ්‍යකරණයක නියැලුනේ නිමල් ලංසා වැනි අයගෙන් අපට එල්ල වු සෘජු මරණ තර්ජනද හමුවේය.
එකි තර්ජන නිසා රට පැන්නේ නැති අප මේ රට එකාධිපති පාලනයෙන් මුදවා ගැනිම සදහා එජාපයේ බහුතරයක් පවා නිහඩව සිටියදි එවකට විපක්ෂ නායක වු රනිල් වික්‍රමසිංහ මහතා හා එක්ව නිදහසේ වේදිකාව හැටියට රටපුරා යමින් දැවැන්ත අරගලයක් දියත් කළෙමු.
ඒ සමයේ ගිහාන් ලා සිටියේ සාරි ගප්පි පිටරට පැටවිමේ බිස්නස් වල මිස එකාධිපතියෙකුගෙන් රට නිදහස් කරගැනිමේ අරගලයක නම් නොවේ.
එබැවින් ගිහාන්ලාට නැති අයිතියක් අපට ඇත.ඒ අප සටන් කළ අරමුණු දිනා ගැනිම වෙනුවෙනි.
කොමිස් වලට මිලට ගත නොහැකි අපේ මාධ්‍යකරණය ගිහාන්ලා වැනි බදුගෙවන ජනයාට පස්ස හැරවු මන්ත්‍රිලා දුසිම් ගණන් පොලිස් පැමිණිලි කළද අප නවතා ලන්නේ නැත.
මීගමුවේ පොල ටෙන්ඩර් කිරිමේ වැඩසටහනේදි කොමිස් ගත් ඇතැම් මන්ත්‍රිවරුන් අද සිටින්නේ ගල උඩ කැත කළ බළලුන් සේය.දැන් ඔවුන්ට ඒවා වසා ගත නොහැකි නිසාවෙනි.
අප ඒ සියල්ල දනිමු.
(මීගමුව නගරයේ සම්පත් කොල්ල කමින් පතාලකරණයට නගරය ඇදගෙන යන ලංසා පාලනයට එරෙහිව කොන්දේසි විරහිතව මීගමුව .තුල පෙනි සිටින්නේ දෙදෙනෙකු පමණි.
ඒ පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත සහ නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ පමණි.අනිත්  මන්ත්‍රින් බහුතරයක් සිටින්නේ ලංසා පවුලේ ඔඩොක්කුවේය.)

එයට හේතුව වන්නේ ඔවුන් විසින් සහය දි පත්කර ගත් පොල ටෙන්ඩරය නැවතත් වෙනත් අයෙකු හට යැම නිසාය.මේනිසා කලින් අරගත් රුපියල් ලක්ෂයක කොමිස් මුදල පුස්කාලය වෙනුවෙන් ලැබෙන්නට නියමිත කොමිස් මුදලින් අඩුකරගැනිමට නියමිත බව අපට කියන්නෙද මීගමුවේ මන්ත්‍රිවරුන්ම විසිනි.
කටුක වුවත් තිත්න ඇත්ත වන්නේ එයයි.

ගිහාන් මන්ත්‍රිලාට රිදුන ලිපිය පහතින් පළවේ.

රොයිස් විරුද්ධ වෙච්ච ලක්ෂ 1600 යේ මීගමුව පුස්තකාලයට එජාප මන්ත්‍රිලා කැමති වුණේ ඇයි ?

ngb unp mps2මීගමුව මහනගර සභා භුමියේ ඉදිකරන්නට යන පුස්තකාලය සදහා රු ලක්ෂ 1600 ක් ණයට ගෙන නගර සභාව අර්බුදයට යැවිමට එරෙහිව මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත ප්‍රනාන්දු පසුගියදා පැවැති බස්නාහිර පළාත් සභා රැස්විමේදි කියා සිටියේ ඒ ගැන අපක්ෂපාත පරික්ෂණයක් පවත්වන ලෙසය.
මීගමුව මහනගර සභාව දැනට කලින් ගත් විශාල බැංකු ණය 2 කක් සදහා තවමත් වාරික ගෙවමින් තිබේ.එමෙන්ම දැනට නගර සභාව ක්‍රියාත්මක වන්නේ බැංකු අයිරාවක් මතය.
මේ පසුබිම යටතේ මෙසා විශාල මුදලක් වැය කරමින් ඉදිකරන්නට යන පුස්තකාලය ගැන සිය විරුද්ධත්වය පළාත් සභාවේදි රොයිස් විජිත විසින් පළකර සිටිද්දි ඔහුගේ නායකත්වය මත ක්‍රියාත්මක මීගමුව මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය මේ යෝජනාවට සිය සම්පුර්ණ ආශිර්වාදය ලබා දි ඇතැයි වාර්ථා වේ.
මහනගර සභාවේ මුදල් කාරක සභාව නියෝජනය කරනු ලබන එජාප මන්ත්‍රින් තිදෙනාද පැවැති මුදල් කාරක සභාවන් හිදි කිසිදු විරෝධයක් දක්වා ඇති බවක් නොපෙනේ.
පසුගිය දා පැවැති මහසභා රැස්විමේදිද කාරක සභා අවස්ථාවේදි මේ ගැන කිසිවක් කියන්න කිසිදු එජාප මන්ත්‍රිවරයෙකු කටයුතු කර තිබුනේ නැත.
මෙයට හේතුව කුමක්ද ?
මෙයට ඇත්ත හේතුව ලෙස මේ දිනවල දේශපාලන කවයන් හි කථාවෙමින් ඇත්තේ මෙම ටෙන්ඩර්ය ලබාගෙන ඇති පුද්ගලයා විසින් ගෙවන්නට නියමිතව ඇතැයි කියන ලක්ෂ 85 කට  ආසන්න කොමිස් මුදලෙන් කොටසක් මේ එජාප මන්ත්‍රිවරුන් හටද ලැබිමට නියමිත නිසා බවය.
මේ අනුව තම නායකයාගේ ප්‍රතිපත්ති ගැන පවා නොතකා මේ මන්ත්‍රිවරුන් මුදල් වලට ඇති කෑදර කම නිසා මහනගර සභාවත් බදු ගෙවන ජනයාවත් පවා දි ඇතැයි යන බරපතල චෝදනාවක් මේ වන විට එල්ල වි තිබේ.