මීගමුවේ බන්ධනාගාර නිළධාරින්ට විවිධ චෝදනා ඇතිබව ඇමති පිළිගනි !

0
71

DSCF7655newසිරකරුවන් 4 දෙනෙකු ඊයේ අලුයම මීගමුව බන්ධනගාරයෙන් පැන යාමත් සමගින් ඇතිව තිබුණ තත්වය විමසා බැලිම සදහා බන්ධනාගාර කටයුතු පිළිබද ඇමතිවරයා ඊයේ සවස් වරුවේ පැමිණ තිබුණි.එහිදි මාධ්‍යවේදින් විසින් මතුකරන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා තිබුනේ මීගමුවේ නිළධාරින් හට චෝදනා තිබෙන බව තමන්ද පිළිගන්නා බවයි.
මේ අතර අද මිගමුව තුල කුප්‍රකට රහසක් බවට පත්ව ඇත්තේ මේ ඇතැම් නිළධාරින් ඊසි කැෂ් ක්‍රමය මගින් සිය කප්පම් සහ සන්තෝෂම් සේවාව ජයටම කරගෙන යන බවය.