වාර්ථා වන අන්දමට මේ පහරදිම සිදුකර ඇත්තේ මීගමුව බස්රථ රියදුරන් පිරිසකි.මේ සදහා 20 දෙනෙකු පමණ සහභාගිවි ඇති අතර ඔවුන් පහර දෙමින් පවසා ඇත්තේ කුලියාපිටියේ සිටි කොළඹ දක්වා යන බස්රථ වලින් මීගමුව සහ අවට ප්‍රදේශවලින් මගින් නංවා ගැනිම හෙට සිට නතර කළ යුතු බවයි නැතිනම් හෙට සිට කුලියාපිටියේ සහ හලාවත සිට පැමිණෙන සියළු බස් ගිනි තබන බවටද තර්ජනය කර ඇත.
පහර කැමට ලක්වු රියදුරාගේ හිස ඉදිමි තිබුන බවත් කලින් අවස්ථාවක අත කැඩිමකට ලක්ව ඇති නිසා යකඩ පතුරක් ඇතුලත් කර ඇති අයෙකු බවද දැනගන්නට ඇත.