මීගමුවේ බිච් පාක් එක ගැන නිවරදි තින්දුවක් ගන්න කොමසාරිස් බය ඇයි ?

0
41

beach-prk-1බිච් පාක් එකට අදාල වංචා දුෂණ රැසක් එළිපිටම සිදුවෙමින් තිබියදි ඒවා නවතාලිම සදහා මීගමුව නාගරික කොමසාරිස්වරයා කටයුතු නොකරන්නේ මන්ද යන්න ගැන බරපතල ප්‍රශ්ණයක් දැන් මතුව තිබේ.
කප්පම් කල්ලියක් විසින් අල්ලාගෙන සිටින වෙරළේ බිම් කඩක් පිරිසිදු කිරිම සදහා මීගමුව නගර සභාවේ සේවකයන් යොදවන්නේ ඇයි ?
එය නවතා දමන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂක ගුණරත්න මහතාට නියෝගයක් දීමට කොමසාරිස්වරයා පියවර නොගන්නේ මන්ද ?ඔහුට මේ කප්පම් කල්ලිය විසින් සන්තෝෂම් දෙන නිසාද?
මීගමුව තුල පවත්වාගෙන යනු ලබන සියළුම වෙළද ව්‍යාපාර වලින් අදාල බදු මුදල් අයකිරිමේ බලය ඇත්තේ නගර සභාව වෙතය.
තතු එසේව තිබියදි බිච් පාක් එකේ ඇති වෙළද ව්‍යාපාරයන් ගැන නාගරික කොමසාරිස්වරයා කියා සිටින්නේ මොනවාද ?