මීගමුවේ බිච් පාක් එක නැවතත් ලංසා ඇමතිවරයාගේ තාත්තාට

0
97

 

මීගමුවේ බිච් පාක් එක කාගේත් කථා බහට ලක්වුවකි.එහි ටෙන්ඩරය මුලින්ම ඇමැති ලංසාගේ පියා වු පිලෙන්ද්‍ර ලංසා හට හිමිවන්නේ එජාප පාලන සමයේය.එවකට විපක්ෂ නායකවරයා වු නිමල් ලංසා ආන්ඩුවේ වැරදි ගැන කට ගහනවා වෙනුවට කලේ වැදගත් ටෙන්ඩර් කිපයක් තමන්ගේ පවුලට ලබා ගැනිමය.

මේ යටතේ බිච් පාක් එක තාත්තටත් මීගමුවේ වැසිකිලි කිපයක් හැදිමේ කොන්ත්‍රාත්තුව තමාටත් ලබාගත්තේය.මේ වෙනුවෙන් ඔහු එජාප පාලන සමයේ කුණු ඇදිමේ ටෙන්ඩර් මගඩියේදි එජාප පාලනයට උදව් කරමින් එයට පක්ෂව ජන්දය දුන්නේය.

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ රථ ගාල උද්‍යාන නඩත්තුව සහ වැසිකිලි පද්ධතිය නඩත්තුව වෙනුවෙන් වු ටෙන්ඩරයේ මිළ 2011 වසර සදහා රු.10,17828 කි.මුදල් කාරක සභාවේ දි ගත් පැරණි කොන්ත්‍රාත්කරුටම පැවරිමේ තිරණය අනුව මෙවර ද වසනාවන්තය වුයේ ඔහුය.මේ උද්‍යානයේ පුරා දමා ඇති කඩවල වලින් අයකරගනු ලබන ලක්ෂ ගණක ආදායම මගින් මේ ටෙන්ඩර් මුදල මාස දෙකක් යන්නටත් මත්තෙන් සොයාගන්නට හැකි බව කව්රුත් දනි.

එහෙත් ඇන්ටනි ජයවිර නම් වු මේ නව නගරාධිපතිවරයා නොදනි.