ඔක්තෝබර් මාසයේ පැවැති මහසභා රැස්විමේදි මේ ගණුදෙනුව සිදුව තිබේ.
ටෙන්ඩර් පිළිබදව මුදල් කාරකා සභාවේ සාකච්ජාවවිමට නියමිත වුවද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි සිටින මුස්ලිම් මන්ත්රිවරයා එහෙම පිටින්ම ඇමති ලංසාගේ එහෙයියෙක් විම නිසා ඇමති ලංසාට පාඩු සිදුකරන අන්දමේ කිසිදු මුදල් කාරක සභා තින්දුවකට මීක් කියන්නේවත් නැත.
මෙහි අනෙක් අරුමය වන්නේ මේ ටෙන්ඩරය ගැන සභා අනුමැතිය ලැබුන මහසභවේදි මේ ගැන කිසිදු විරුද්ධ පක්ෂ මන්ත්රිවරයෙකු වචනයක්වත් කථා කර තිබුනේ නැත,එපමණක් නොන ඇමති ලංසාට හිතවත් ඇතැම් එජාප මන්ත්රිවරුන් මෙදින මහසභාවට පවා පැමිණ තිබුනේ නැත.