මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය විසින් සියළු දන්සැල් ලියාපදිංචි කළ යුතුයැයි නියෝග දි තිබුණද විශේෂයෙන්ම සරුවත් දන්සැල් මේ නියමය එතරම් පිලිපැද නොතිබුණ බව දැනටමත් සිදුකර ඇති විමර්ශනය වලදි හෙළිව තිබේ.
මේ තැන්වලදි අනාවරණය වි තිබුණ ප්‍රධානතම කරුණ වුයේ මේ අය විසින් අනුමත කරන ලද ප්‍රමිතියෙන් යුත් දේවල් මේ බීම නිෂ්පාදනයේදි යොදාගෙන නොතිබුණ බවය.
අඩුවියදමින් වැඩි බීම ප්‍රමාණයක් හැදිම කල්පනා කොට තිබුන මේ අය සිය දානමය පින්කම අවසානයට ගෙන ගොස් තිබුණේ ඇතැම් විට වකුගඩු වලට පවා හානිදායි විය හැකි දැ යොදාගනිමිනි.
මේ නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මේ අය වෙත දන්වා සිටියේ අනුමත ප්‍රමිතිගත අමුද්‍රව්‍ය පමණක් යොදා සිය දානමය දන්සැල් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවය.