මීගමුවේ මංකොල්ලය සිදුකරන අවස්ථාවේ නගරයේ කිසිම තැනක පොලිසිය නෑ?

0
165

puspha 7ඊයේ රාත්‍රියේ පුෂ්පා ජුවලරි ආයතනයේ මංකොල්ල සිදුකරන ලද අවස්ථාවේ නගරයේ කිසිදු වීදියක පොලිසිය නොසිටි බවට ව්‍යපාරිකයන් මෙන්ම මහජනයාද චෝදනා කරති.
2014 පෙබරවාරි 17 වනදා ජුවෙල් ලංකා මංකොල්ලයෙන් පසුව වුවද මීගමුව නගරය තුල සැලැසුම්ගත ආරක්ෂිත වැඩපිළිවෙලක් නොතිබුණ බවද ව්‍යාපාරිකයන්ගේ අදහසයි..
විශේෂයෙන්ම අප්‍රේල් 17 වෙනිදා යනු ගෙවෙමින්  ඇති උත්සව සමය මෙන්ම මහබ්‍රහස්පතින්දා දින දිව්‍ය පුජාවන් සදහා දහස් ගණන් කිතුණුවන් ගැවසෙන දිනකි. එහෙත් නගරයේ ප්‍රධාන ස්ථාන කිසිවක එකදු පොලිස් නිළධාරියෙකු සිට නැත.එපමණක් නොව මංකොල්ල සිදුවු ස්ථානයට පොලිසිය පැමිණ තිබුනේ මාධ්‍යකරුවන් පවා එහි ලගාවිමෙන් පසුව බවද නම හෙළිකිරිමට අකමැති වු ව්‍යපාරිකයෙකු මීපුරට පවසා සිටියේය.
විශේෂයෙන්ම මීගමුව පොලිස් අධිකාරි බලප්‍රදේශය තුල පසුගිය මාස 2 තුල ප්‍රධාන මංකොල්ල කෑම් 4 ක් සිදුව ඇත.ඉන්පසුවවත්  ප්‍රමාණවත් රාත්‍රි මුර සංචාර හෝ ප්‍රධාන මංසන්ධිවල පොලිස් මුරකාවල් ද නැත .
ඉහහිට දිනක රථවාහන පොලිසියේ නිළධාරින් රාත්‍රි කාලයේ පෙරියමුල්ල ප්‍රදේශයේදි පමණක් දැකගත හැකි වුවද සන්නද්ධ කොල්ල කල්ලියක් පාලනය කිරිමට තරම් ප්‍රමාණවත්  සුදානමක් ඒ රථවාහන පොලිස් නිළධාරින් හට ඇතැයිද නොපෙනේ.
නිසි ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක නොවිම ගැන දැන් පොලිසියේ ඇතැමුන් එකිනෙකා වෙත ඇඟිල්ල දිග්කරගන්නා තත්වයක් මතුව ඇති බවද වාර්ථා වේ.
කෙසේ වෙතත් මේ කොට්ටාශයේ සාමය හා ක්‍රමවත්භාවය ප්‍රතිෂ්ඨාපනය කිරිමට මංකොල්ල කෑම් කිපයකට පසුවවත්  නොහැකි වන්නේ නම් එහි ප්‍රධාන වගකිම භාරගත යුතුව ඇත්තේ කොට්ටාශය භාර පොලිසියේ ඉහල නිළධාරින්ය.
ඒ වගකිමෙන් මිදිමට කිසිවිටකත් ඒ අයට නොහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here