මීගමුවේ මන්ත්‍රිලා අළුත් ගෙවල් හදන හැටි මෙන්න….

0
467

kottan-2මීගමුව ලංකාවේ ම ඇති දූෂිතම නගරවලින් එකක් බවට පත්ව ඇත.එය කොතරම් දැයි කිවහොත්  ආණ්ඩු පක්ෂයේ දේශපාලකන්ගේ පියවරුන් කොට කලිසමක් ඇදගෙන මහනගර සභා භුමියට පැමිණ නගරාධිපති වරයාව තව මාස කිපයකින් තමන් විසින් අයින් කරන බව ප්‍රසිද්ධියේ පවසන්නට තරම් තත්වයකට පත්ව ඇත්තේය.තතු එසේ වන කළ අප මේ හෙළිකරන්නට යන්නේ නාගරික මන්ත්‍රිවරුන් අළුත් ගෙවල් හදන හැටි ගැනය.
මේ එක් මන්ත්‍රිවරයෙක්ගේ නිවසේ ඉහල මාලයේ සැලබ් එක සදහා සිමෙන්ති ලැබෙන්නේ ප්‍රදේශයේ ඉහල දේශපාලකයෙකුගේ ඉල්ලිම මත ව්‍යාපාරිකයෙකුගෙනි.
එමෙන්ම නගර සභා භුමියේ වු තේක්ක සහ කොට්ටන් ගස් අතුරුදහන් වන්නේද මීගමුවේ කනත්තේ ඇති ඉපැරණි ඉහල වටිනාකමකින් යුත් ගස් කැපෙන්නේද තවත් එක්තරා මන්ත්‍රිවරයෙක් සිය අළුත් නිවසේ වැඩ කටයුතු කරගෙන යමින් සිටි දිනවලදිමය.
ඒ මන්ත්‍රිවරයෙගේ භූමිය සැකසිම සදහා දිනකිපයක්ම යෙදෙවෙන්නේ නගර සභාවේ බැකෝ යන්ත්‍රය.
මෙසේ නාඩගමේ අළුත්ම හෙළිදරව් වන්නේ ලක්ෂ 6   දැව අරගෙන එහි මුදල් නොගෙවා සිටියදි එය මතක් කරන ව්‍යාපාරිකයන් හට මරණ තර්ජන කරන තත්වයක් මතුව තිබිමයි.
මීගමුව තුල දැන් මතුවෙමින් ඇති මේ ආශ්චර්ය ගැන සැබැවින්ම ජනපතිතුමන් සතුටු විය යුතුව ඇත්තේය.ඒ තමන්ගේ පවුලේ අයගේ අඩිපාරේ යන පරපුරක් මීගමුවේද සිටිනා බැවිනි.මෙයට එක් ඔත්තුවක් පමණක් සපයන්නේ නම් A9 පාරේ කිලිනොච්චිය ආසන්නයේ තනා ඇති නිර්මාංශ බොජුන් හලක ඇතුළු වන තැන ු ඇති දැවැන්ත ලී දොරේ ඇත්ත අයිතිකරු කව්දැයි සොයාගන්නේ නම් අපේ මේ කියන්න කථාව කොයිතරම් නම් ඇත්තදැයි ඔප්පු වෙනු ඇත.