මීගමුවේ මන්ත්‍රි නංගිලාට පමණක් නොව බොරළු අදින්නන්ටත් VIP කාර්..?

0
182

vip 4vip 1vip 3ලංකාවේ වැඩිම VIP කාර් ඇති නගරය මීගමුව විය හැකි යැයි දැනමත් අප හෙළිදරව් කර ඇත්තෙමු.මේ හෙළිදරව්ව සනාථ කරන තවත් ඔත්තුවක් අද උදේ අපවෙත ලැබුණි.
නිති ප්‍රකාර නම් මෙසේ VIP ලාංචනය අලවාගෙන යා හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හෝ ඊට ඉහල අයෙකු හටය. ඒ අවස්ථාෙව් අදාල මන්ත්‍රිවරයා එම රථයේ සිටිය යුතුය. එකි ලාංඡනය පාර්ලිමේන්තු කටයුතු පිළිබදව කොමසාරිස්ගේ අත්සන සහිත විය යුතු අතර එය ඡායා පිටපතක්ද නොවිය යුතුය.
අද අප වෙත ලැබුන මේ ඡායාරූපය දැක්වෙන අතිසුඛෝපභෝගි ප්‍රාෙඩා් රථයේ අයිතිය ගැන අදාල රියදුරුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ එය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නංගිකෙනෙකුට අයත් බවය.
මීගමුවේ වැඩිම VIP කාර් ප්‍රමාණයක් ඇත්තේ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන් හටය.ඒ අතරද වැඩියෙන්ම සිටින්නේ බොරළු සපයන්නන්ය.
මේ සියල්ලෝම ඉදිකිරිම් කෂේත්‍රයට සම්බන්ධ දේශපාලකයන්ගේ ගෝලබාලයන්ගේය.
එපමණක් සෑම මසකම පළවෙනි බ්‍රහස්පතින්දාට මීගමුව මහනගර සභා රැස්විම පැවැත්වෙන දිනට පැමිණිය හැකි නම් තවත් VIPරථ දැකගැනිමට හැකිවනු ඇත.
අද මුළු ලංකාවේම නිතියේ ආධිපත්‍ය බිදවැටි ඇත. මේ තත්වය යටතේ වැඩියෙන්ම පිස්සු කෙළි ඇත්තේ මීගමුවේ විය යුතුය.
මේ VIP වංසගතය යනු ඉන් එකක් පමණි.