මීගමුවේ මන්නා පිහි කල්ලිය ගැන කපිල කියයි !

0
46

2012 ජනවාරි 31 වනදි උදෑසන 8.20 ට පමණ මීගමුව අගුරුකාරමුල්ල විහාරස්ථානය අසලදී මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ (එ.ජ.නි.ස) කපිල නන්ද සුලෝචන නාගරික මන්තත්‍රිවරයාට මාරන්තික මන්නා පිහි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ලග තිබූ අඩි 03 ක් පමන වන දිග මන්නා පිහියෙන් නාගරීක මංත්‍රිවරයාගේ බෙල්ල ප්‍රදේශයට එල්ල කල එම මන්නා පිහි ප්‍රහාරය වලකාලීමට උත්සහ ගත් අවස්ථාවේ එම පිහි ප්‍රහාරය එල්ල වී තිබුණේ මන්ත්‍රිවරයාගේ දකුණු අතටයි.
ඔහුව මීගමු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දකුණතේ ඇගිලි ආශ්‍රිත ප්‍රදේශයට මැහුම් 10 ක් පමණ දමා තිබුණි. මන්ත්‍රිවරයාගේ දියණියක මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සුපුරුදු ලෙස උදෑසන එම දියණියව විද්‍යාලයට ඇරලවා තම මිතුරෙකු සමග කථා කරමින් සිට විහාරස්ථානයේ ගේට්ටුව අසලට පැමිණි විට පාන්කඩ හංදිය දෙසින් පැමිණි යතුරු පැදියේ සිටි ආරක්ෂික හිසු වැසුමක් හෝ පැළද නොසිටි යතුරු පැදියේ පිටු පස ආසනයේ සිටි පුද්ගලයා තමාට මෙම මාරන්තික මන්නා පිහි ප්‍රහාරය එල්ල කල බව ඔහු පවසයි.
තමාට මෙම මන්නා පිහි ප්‍රහාරය එල්ල කල පුද්ගලයන්ගෙන් යතුරු පැදිය පදවා ගෙන ආ පුද්ගලයා ආරක්ෂක හිස් වැසුමක් පැළද සිටි නිසා ඔහු හදුනා ගත නොහැකි වූ බවද ඔහු පවසයි.
යතුරු පැදියේ පිටු පස සිට තමාට මන්නා පිහියෙන් පහර දුන් පුද්ගලයා මීට ඉහත අවස්ථා කිහිපයකදීම තමන් ලූහුබදිමින් සහ තමන් යන ගමන් බිමන් පිලිබදව මහත් පරීක්ෂාවකින් පසු වූ බවත් පවසන මංත්‍රිවරයා ඒ පිලිබදව පසුගිය දිනෙක මීගමුව, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිලි කර තිබේ.
ඒ අවස්ථාවේ දින කිහිපයක් ඔහුට පොලිස් ආරක්ෂාව ද සපයා ති්බිණි. තමන් තිස් වසරක් තුළ මීගමුව ප්‍රදේශයේ දේශපාලන කටයුතු වල නියැලෙන බවත් මෙතෙක් මෙවැනි සිදු වීමකට මුහුණු නොදුන් බවද ඔහු අවධාරණය කරයි. එලෙසම තමන් මීගමුවේ පොදු ජනතාවගේ දේශපාලන මහජන නියෝජිතයෙකු ලෙස සෑම විටම නගර සභාවේ දුෂණ වංචා අක‍්‍රමිකතා සහ අසාධාරණ වලදී නොබියව ඒවා පෙන්වා දුන් බවද ඔහු ස`දහන් කරයි.
මෙම ප්‍රහාරය පිටුපස සිටියේද දයාන් ලංසා බව එවකට ඉතා ප්‍රසිද්ධ කරුණක් විය.
එහෙත් රාජපක්ෂ පොලිසියට එය අල්ලා ගැනිමට නොහැකි විම අරුමයක් නම් නොවේ.
මෙවර මීගමුවේ නගරාධිපති අපේකෂකත්යයට මහින්ද පිළ වෙනුවෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ සහොා්දර නාගරික මන්ත්‍රිවරුන්ද මන්නා පිහිවලින් කැපු අයෙකු බව මීගමුවේ ජනතාව ඉතා හොදින් තේරුම් ගත යුතුව තිබේ.

Comments

0 comments