මීගමුවේ මහජන බදු මුදලින් දයාන් ලංසාත් අතදිග හැර දන්සල් දීලා !

0
86

Archilede-LED-Street-Lighting-System-2මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් පසුගිය වෙසක් සමයේ මහජන බදුමුදල් තමන් ගේ සේ සලකා අතදිගහැර දන්සල් දි ඇතැයි වාර්ථා වේ.
වෙසක් කලාපය සදහා කෝ‍බ්‍රා වර්ගයේ විදුලි බල්බ් 50 ක් එබිසි ( කුඩා කළු ගල් ) ලෝඩ් 17 ක්,වතුර බකට් ඇතුළු තවත් බොහෝ දැ මේවා අතර වෙයි.
මෙ සියල්ල සිදුවන්නේ මීගමුව මහනගර සභාව විසින් වෙසක් කලාපය සදහා රු ,ලක්ෂ 5 ක මුදලක්ද ලබාදි තිබියදිය.
මහජන බදු මුදල් යොදාගෙන නියෝජ්‍ය නගරාධිපතිවරයා මේ කරමින් සිටින්නේ තමන්ගේ ඡන්ද තිප්පොල ලෙස අගුරුකාරමුල්ල ප්‍රදේශය පත්කරගැනිමටය.
ඊට හේතුව වන්නේ වැල්ලවිදියෙන් කිසිදු ඡන්දයක් මේ අය වෙත නොලැබෙන තැනට දැන් වැඩකටයුතු සිදුව තිබෙන නිසාය.
පින්දහම් කරගත්තාට අපට කිසිදු ප්‍රශ්ණයක් නැත. ගැටලුව ඇත්තේ ඒ වෙනුවෙන් මහජන බදුමුදල් යොදවා ගැනිම ගැනය.
මේ සියල්ල ගැන මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර නිහඩය.
කොමසාරිස්වරයා සිටින්නේ ඇස් කන් නැතිසේය.
මීගමුව මහනගර සභාවට අළුතින් පත්ව ආ තරුණ ඉජිනේරුවරයාට අඩුම තරමින්  මේ කෝ‍බ්‍රා බල්බ් 50 නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් රැගෙන යාමට සුදානම් වෙද්දි ඒ ගැන ප්‍රශ්ණ කිරිමට කොන්දක් තිබිම ගැන අප බොහෝ  සේ අගයමු.