මීගමුවේ මහනගර සභා නිළධාරින් දේශපාලන මැරයන් සමඟ හෙළුවෙන් ? මාධ්‍යවේදියාට පහරදුන් සේවකයා වරදක් කර නැතිලු ?

0
111
මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහර දුන් දයාන්ගේ ගෝලයා තුෂාන් නාමල් සමග පාද යත්‍රාවේ

FG attack 1

පසුගිය ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රය තුලදි එදින මහසභා රැස්විම වාර්ථා කරන්නට ගිය මීපුර වෙබ් අඩවියේ කර්තෘට පහරදුන් සේවකයා එය සිදුකර තිබුනේ සිය 6-2 සේවා මුරය සදහා වාර්තා  කොට තිබියදිමය.
තුෂාන් නැමැත්තා සේවකයෙකු යැයි කිවද ඔහු නගරසභාවෙන් පඩි ගන්නවා මිස නියුතු සේවාවක් නැත.
කරන්නේ දයාන් ලංසා ඇතුළු ලංසා පවුලේ ආවතේව  කම්ය.FG attack 12
සෞඛ්‍ය අංශයේ කම්කරුවකු යැයි කියන ඔහු නගර සභාවට කිට මරා පැමිණ දයාන් ලංසාගේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් හැමවිටම පේවි සිටි.
මීට වසරකට ඉහතදි තුෂාන් නැමැත්තාව පුස්තකාලයේ කම්කරු කටයුතු සදහා යොදවා තිබියදි පුස්තකාලධිපතිණිය විසින් එහි වු කබඩ් එකක් වෙනත් නැතකින් තබන්නට සහය ඉල්ලා සිට ඇති අවස්ථාව ඔහු විසින් ඇයට බැන වැදි කියා ඇත්තේ තමන් පැමිණ ඇත්තේ දයාන් ලංසා මහතාගේ වැඩවලට පමණක් බවය.
මේ ගැන පුස්තකාලධිපතිණිය විසින් කොමසාරිස්වරයාට මෙන්ම නගරාධිපතිවරයාටද පැමිණිලි කර තිබුණු අතර මීපුර වෙබ් අඩවිය විසින්ද ඒ ගැන පුවතක් පළ කොට තිබුණි.
කෙසේ වෙතත් මේ සේවකයා ගැන අභ්‍යන්තර පරික්ෂණයක් කර ඇතැයි කියන මීගමුව මහනගර සභා බලධාරින් කියා සිටින්නේ දැනට සිදුකර ඇතැයි කියන අභ්‍යන්තර පරික්ෂණයට අනුව ඔහු වරදක් කර ඇතැයි අනාවරණය වි  නැති බවය.FG attack MbikeFG attack pole 1
1.රාජ්‍ය සේවය ස්වාධින කොට ඇතැයි කියන යහපාලනය යටතේ මාධ්‍යවේදියෙකුට එල්ල කරන්නට යෙදුන පළමු මරාන්තික ප්‍රහාරය මෙය වවන අතර එ් සිදුවිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද වහා මැදිහත්වි කියා සිටියේ මෙයට වගකිව යුතු සියළුදෙනා නිතිය හමුවට පැමිණිවිය යුතු බවය.
ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය පැය 48 ක් යන්නට මත්තේන් මේ ප්‍රහාරය එල්ල කළ තුෂාන් නැමැත්තා සහ ඔහුගේ සොහොයුරාව අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මහේස්ස්‍රාත් තුමන්ගේ නියමය පරිදි මේ දෙදෙනා සති 5 ක් ට ආසන්න කාලයක් බන්ධනගාර ගතව සිටියේය.
2.පොලිසිය විසින් සිදුකරන්නට යෙදුන පරික්ෂණ වලදි තුෂාන් නැමත්තා විසින් මේ ප්‍රහාර සිදුකරන ලද්දේ තමන් යැයි පිළිගෙන තිබුණ අතර එයට යොදා ගත් යතුරු පැදිය  මෙන්ම පහරදිමට යොදාගත් පොල්ලද අත්අඩංගුවට ගැණුනි.
3.තුෂාන් නැමත්තා මේ ප්‍රහාරය සදහා යොදාගත් යතුරුපැදියේ අංක තහඩු ඉවත් කොට තිබුණ බවට පැහැදිලි සාක්ෂි මහනගර සභා ආරක්ෂක අංශය විසින්ම සපයා දි තිබුණි. ඔවුන් කියා ඇත්තේ අංක තහඩු නොමැති යතුරුපැදියකින් දෙදෙනෙකු පළා යන බව දැක ඇති බවයි.
4.මේ ප්‍රහාරකයන් දෙදෙනා ගැන අදාල මාධ්‍යවේදියා සැකනොකර සිය මෝටර් රථයට නගින්නට ගියේ නම් මේ පොලු පහර එල්ලවන්නට තිබුණේ ඔහුගේ හිසේ පිටුපසටය.එසේවුයේ නම් තත්වය තවත් බරපතල විමට ඉඩතිබුණි.
5.මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කර තිබුණ වෛද්‍ය වාර්ථාවේද සදහන්ව තිබුනේ හිසේ වම් පස කොටසේ තැලුම් තුවාලයක් ඇති බවය.
6.පොලිස්  බී වාර්ථාවේද ඉතා පැහැදිලි ලෙසින් දක්වා ඇති පරිදි තුෂාන් නැමැත්තා විසින් මේ ප්‍රහාරය සිදුකළ දිනයේදි පෙ.ව 8.26 සිට ප.ව. 1 ක පමණ දක්වා හිටුප නියෝජ්‍ය නරාධිපති දයාන් ලංසා සහ තුෂාන් නැමැත්තා අතර දුරකථන ඇමතුම් 16 ක් හුවමාරු වි ඇති බවය.
මේ සියළු කරුණු සලකා බලන කල්හි යහපාලනය යටතේ රාජ්‍ය ආයතනයක් තුල මහදවල් මාධ්‍යවේදියෙකුට සිදුවු පහරදිමක් සම්බන්ධයෙන් වු බරපතලම සිදුවිම විය.
තතු එසේ තිබියදි මීගමුව මහනගර සභාවේ නිළධාරින් විසින් සිදුකර ඇතැයි කියන අභ්‍යන්තර පරික්ෂණයේදි තුෂාන් නැමත්තා වැරදිකරුවෙකු නොවේ යැයි කියා සිටින්නේ එය යහපාලන රජයේ පළාත් පාලන ක්ෂේත්‍රයේ ඇති බිදවැටිම කොයිතරම් නම් දැයි හෙළිවනු ඇත.
දේශපාලන අධිකාරියේ උවමනාවන් වෙනුවෙන්ම පමණක් සැමදා සැදි පැහැදි කටයුතු කළ පරිපාලන අධිකාරිය මේ සිදුවිම ඔස්සේ රටට පෙන්වා ඇත්තේ තමන් දේශපාලන මැරයන් සමගින් අමුම අමු හෙළුවෙන් සිටිනා බව නොවේද ?