මීගමුවේ මාළු කඩේ හදන්න පල්ලියට තව කොච්චර දවසක් යයිද?

0
487

විදේශාධාර වලින් හදපු මිගමු කුට්ටිදුවේ මාළු කඩේ ,නීති ප්‍රකාරව මීගමු මහනගර සභාවට නොදි වැල්ලවිදිය පල්ලියට දුන්නේ නිමල් ලංසා.

මුහුදු හුළඟට යකඩ දිරනව කියල දන්නෙවත් නැතුව මේ මාළු කඩේ හදන්න මෝඩ සැලැස්ම හැදුවේ නිමල් ලංසාගේ යාළුවෙක්.එයා නිසි වෘත්තිය සුදුසු කම් සපුරපු කෙනෙකුත් නෙමෙයි කියල තමයි ඒකාලේ ආරාංචි වුනේ.

කොහොම මුහුදු හුළඟට දිරලා මේක සැරින් සැරේ කඩන් වැටුන.

අන්තිම වහලෙ කඩන් වැටුනේ 2023 අප්‍රෙල් 11වෙනිදා.

අවුරුද්දට මාළු ගන්න එන අයව යන්තම් බේරුනා වාසනාවට.

දැන් වෙළෙන්දෝ අහන්නේ කවදද මේක පල්ලිය හදල ඉවරයක් කරන්නේ කියල.