පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිගමුවේ පිටිපන ලෙල්ලමට පිටපළාත්වලින් ලැබෙමින් පැවැති මාළු තොග ලැබිම අඩුවි තිබේ.එමෙන්ම වැසිබර තත්වය හේතුවෙන් වෙළෙන්දන්ගේ පැමිණිමේදි අඩුවක් පවති.
පසුගිය සතිවල මිළ අඩුවට පැවති මාළු වර්ගවල මිළ අද බෙහෙවින් ඉහල ගොස් තිබේ.
රු 200 කට පසුගිය සතියේ මිළ වු ලින්නා කිලෝවක අද මිළ රු 320 ක් දක්වා ඉහල ගොස් තිබේ.මේ අතර හුරුල්ලා කිලොවක් අද රු 400 ක තරම් ඉහලට ගොස් තිබේ.එමෙන්ම බලයා කිලෝවක් රු 440ක් විය. පසුගිය දිනවල බලයා කිලෝවක් රු 180 ත් 200 ත් තරම මිළ පරාසයක පැවතිණි.