මීගමුවේ මීළඟ නගරාධිපති කව්ද ?

0
42

roies with galanරටතුල මතුව ඇති වර්ධනයන් මෙන්ම මීගමුව තුල සිදුව ඇති දේශපාලනික වෙනස්කම් ගැන සලකා බලන කල අනිවාර්යෙන්ම මීගමුව මහනගර සභාව තුල එක්සත් ජාතික පක්ෂ පාලනයක් නිර්මාණය විමට නියමිතය.
එනම් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන නගරාධිපතිවරයෙකු පත්විමට නියමිතය.
එහෙත් මෙහිදි මතුව ඇති ගැටළුව වන්නේ ඒ තනතුර දරන්නට තරම් පෞරුෂයක් සහ දැනුමක් සහිත අයෙක් එක්සත් ජාතික පක්ෂය තුල සිටිද යන්නයි.
අපි විසින් දිගින් දිගමට එළිදරව් කළ පරිදි එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් නාගරික මන්ත්‍රිවරුන් යනු ඇමති ලංසාගේ සුවච කිකරු ගෝලයන් විය.
දුවගේ නිවස හදන්නට සිමෙන්ති වල සිට මගුල් තුලා මෙන්ම ටෙන්ඩර් ඇතුළු මෙකි නොකි නහුතයක් ගණුදෙනු හරහා මේ මන්ත්‍රින්ගෙන් බොහොමයක් දෙනා සිය ප්‍රතිපත්තිගරුක බව පාවා දි තිබේ.
මේ පසුබිම තුල මීගමුව ආසන  සංවිධායක රොයිස් විජිත මහතාගේ අනාගත දේශපාලන තින්දුව කෙබදු එකක් වනු ඇතිද ?