කෙසේ වෙතත් වෙනත් පාරවල් වල ඇති කාණු පද්ධති පිරිසිදු කිරිම සදහා කිසිදාක ගොස් සිටියේ නැති අතිබහුතරයක් දෙනා මේ පොදු සුසාන භුමිය ඉදිරිපිට කාණුව ශුද්ධ කිරිමට පැමිණි තිබුණ අයුරු මහනගර සභාවෙ නිළ ෆේස් බුක් පිටුවේ ඇති ඡායාරුප සාක්ෂි වලින් කදිමට පැහැදිලිවි තිබේ.
කොටින්ම කියන්නේ මිගමුවේ කොච්චිකඩේ උප කාර්යාලට අයත් අදායම් නිළධාරින් පවා මේ කාණු ශුද්ධ කිරිල්ලට පැමිණ තිබුණි.
කෙසේ වෙතත් මෙහිදි ඇතිව තිබුණ ගැටුම්කාරි තත්වය තුල නගර සභා බැකෝ යන්ත්‍රයකට පහර දුන්නා යැයි කියා රාජ්‍ය දේපලට හානි කිරිම යන චෝදනාව යටතේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරිමටද මහනගර සභාව එහිදි කටයුතු කර තිබුණි.
එකි තරුණයාට එරෙහි නඩුව ඊයේ දිනයේ අධිකරණයේ විභාගයට ගැණුනු අවස්ථාවේදි මිගමුව මහනගර සභාව කිසිදිනක අමතක නොකළ යුතු පාඩමක් ඉගෙන ගත්තේය.
ඒ අර කි තරුණයා වෙනුවෙන් අධිකරණයේදි පෙනි සිටි අති දක්ෂ නිතිඥ මහතෙකු හමුවේය.
නගර සභාව විසින් හිතුමතේ ගොනු කර තිබුණ චෝදනා කරුණු සහ සාක්ෂි සහිතවම බිද හෙලමින් නගර සභාව එදා පැහැදිලිව ම කර තිබුනේ කාණු ශුද්ධ කිරිමක් යන කරුණට මුවා වි දේශපාලන පළිගැනිමක් යැයි කදිමට ඔප්පු කර පෙන්විම ඊයේ සිදුව තිබුණි.
කාණු ශුද්ධ කිරිමට මොකටද බැකෝ ?
නගර සභාවට කටඋත්තර නැතිවිය.
ඊළග කරුණ වුයේ බැකෝ යන්ත්‍රයේ කැඩුන වීදුරුවේ ගාණ සම්බන්ධයෙන් නගර සභාව විසින් පැමිණිල්ලේ සදහන් කර තිබුණ අධි තක්සේරුවයි.
එහෙත් එහි සෑබැ ගණන ඊයේ උසාවියේදි කදිමට ඔප්පු විය.
ප්‍රබල එක්සත් ජාතික පාක්ෂික පවුලක් විසින් පවත්වාගෙන යන හාඩ්වෙයාර් එකේ වැලි ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය ඉන් ඉවත් කිරිමට කටයුතු කර තිබිම ගැනද සාක්ෂි ඇතුවම කරුණු හෙළිදරව් විය.
පෙර කි එජාප පවුලේ තරුණයාව රාජ්‍ය දේපලවලට හානි කිරිම නිසා තවත් දින 14 ක් ඇතුළට දමන්නට හිතාගෙන සිටියද එහි රාජ්‍ය දේපලට හානි කිරිම යන චෝදනාව කදිම නීතින් තර්ක මතින් බිද දැමු අති දක්ෂ නිතිඥ මහතෙකු හමුවේ ශරිර ඇපයක් පමණක් මත නිදහස ලබන්නට රාජ්‍ය දේපල වලට හානි කළා යැයි නගර සභාව විසින් කියා තිබුණ තරුණයාට ඊයේ හැකිව තිබුණි.
මේ අනුව පසුගිය 19 වෙනිදා පොලිස් ආරක්ෂාවද ඇතිව ක්‍රියාත්මක කර තිබුණ මෙහෙයුම කාණු පිරිසිදු කිරිමකට එහා ගිය එකක් බව අධිකරණය හමුවේ මොනවට පැහැදිලි විය.
ඡායා- මහනගර සභා මුහුණු පොතෙනි