මීගමුවේ මුස්ලිම් මනාපය මෙවර ඉන්දිකටත්, රංජන්ටත් හිමි වෙන ලකුණු ?

0
326

මීගමුව දේදුණු නගරයකි. සියලු ජාතින් ආගම් එහි සමඟියෙන් ජිවත් වෙති. මුස්ලිම් අන්තවාදින් සුළු පිරිසකගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වු පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනයා ඉල්ලක්ක කොට ගෙන ක්‍රියාත්මක වු යම් හිංසාකාරි වැඩපිළිවෙල පිටුපස මිගමුවේ එක්තරා පොහොට්ටු දේශපාලන පවුලක් සිටි නොරහසකි.
ඒ නිසාම නිමල් ලංසා හෝ දයාන් ලංසා විපතට පත් මුස්ලිම් ජනයා බැහැදැකිමට කිසිවිටකත් පැමිණ තිබුනේ නැත.
දයාන් ලංසා ප්‍රධාන පුරවැසියා ලෙසින් තමන්ගේ මහනගර සභා බලප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විපතට පත්ව තිබියදි කිසිදු මැදිහත්විමක් කර තිබුනේද නැත.,
මේ නිසාම මුස්ලිම් ජනයා තුල ලංසා පවුල පිළිබද එදා පටන් පැවැති වෛරය හා කලකිරිම තවදුරටත් තහවුරු වුණි.
දේශපාලන අවස්ථාවාදියෙකු ලෙසින් මිගමුවේ ප්‍රකට මුස්ලිම් ජනයාගේ ජන්දය පවා පාවා දුන් ෆරිස් පිළිබදවද බහුතරයක් මුස්ලිම් ජනයාට ඇත්තේ පිළිකුලකි.මේ පසුබිම තුල ෆරිස් ලංසා පවුලේ මුදල් මත කරණම් ගසමින් මුස්ලිම් ජනයා රැස්කර ලංසාට සහය ගොනු කරන්නට මහන්සි ගත්තද එය කිසිවිටකත් ඉටුනොවෙන තත්වයක් දැන් නිර්මාණය වි තිබේ.
මෙයට බලපැ ප්‍රධාන රැස්විම් දෙකක් ගැන සදහන් කළ යුතුමය.
ඉන් එකක් පෙරියමුල්ලේ උත්සහ ශාලාවක පැවැති අතර එයට ඉතාමත් උද්යෝගයෙන් යුතුව මුස්ලිම් ජනයා එක්ව තිබුනේ ලංසා වෙනුවට ඉන්දික අනුරුද්ධට තම සහය පළකරන බවට පැහැදිලිව ප්‍රකාශ කරමිනි.indika 1

මුස්ලිම් බහුතරයකගේ පොහොට්ටුවේ තේරිම ඉන්දික අනුරුද්ධ

එමෙන්ම ඊයේ රාත්‍රියේ අතිවිශාල මුස්ලිම් ජන සභභාගිත්වයකින්  පෝරුතොට පැවැති රැස්විම තුලද වඩාත් පැහැදිලිව වුයේ මුස්ලිම් ජනයාගේ මනාපය වැඩියෙන් ලබන පොහොට්ටු අපෙක්ෂකයා ඉන්දික අනුරුද්ධ බවය.
විශේෂයෙන්ම ඊයේ පැවැති රැස්විමේදි මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු වු සරත් ගුණරත්න විසින් කරන්නට යෙදුන එක් කරුණක් ගැන මුස්ලිම් ප්‍රජාවේ වැඩි අවධානයක් යොමුව තිබුණි.
එනම් සරත් ගුණරත්න කියා සිටියේ ඇවිලුන ජාතිවාදි ගිනිදැල් නිවිමට නිමල් ලංසා කිසිවක් නොකළ බවත් අගදරගුරු තුමන්ගේ තිරාණාත්මක මැදිහත්විම තුල ඒ ගිනිදැල් නිවිගිය බවත් කිවේය.

විපතට පත් මුස්ලිම් ජනයා බැහැදැකිමට නොපැමිණි ලංසලා ගැන බරපතල කළකිරිමක්

නිවාස 64 කට පහර දි දේපල විනාශ කරමින් එදා ක්‍රියාත්මක වු ජාතිවාදි ගැටුම ඇතිවු ඒ බිහිසුණු රාත්‍රියෙන් පසු පසුදා උදෙන්ම පෝරුතොට පැමිණි අගරදගුරු මැල්කම් රංජිත් කාර්දිනල් හිමියන් සමගින් එම් .සකාවුල්ලාද එක්ව  පළමුව ගොස් තිබුනේ පෝරුතොට මුස්ලිම් දේවස්ථානය වෙතය.
මේ පසුබිම තුල ලංසා පවුලේ ජාතිවාදි ගිනිඇවිලිමට මෙන්ම ඒ ගිනි දැල් නිවිමටද කිසිදු සක්‍රිය දායකත්වයක් එදා කර තිබුනේ නැත.එය මුස්ලිම් ජනයා තුල හදපත්ලටම කිදා බැස ඇති ලංසා විරෝධය  දැන් තවත් උග්‍ර වි තිබේ.
ඒ අනුව ලංසාට මුස්ලිම් බහුතර මනාපය කිසිවිටකත් නොැලබෙන බව වඩාත් පැහැදිලි වෙමින් තිබේ.

විපතට පත් මුස්ලිම් ජනයා බැහැදැකිමට එකම එජාප දේශපාලකයා රොයිස් විජිත

එමෙන්ම මුස්ලිම් ජනයාව බැහැදැකිමට නොපැමිණි කාවින්ද ජයවර්ධන ගැනද මුස්ලිම් බහුතර ජනතාවක් සිටින්නේ කළකිරිමෙනි.එදා එජාපය වෙනුවෙන් මුස්ලිම් ජනයා හමුවිමට ගොස් තිබුනේ එවකට හිටපු එජාප මිගමු සංවිධායක රොයිස් විජිත පමණි.
ඊයේ පෝරුතොටදි මාධ්‍යවේදින් පිරිසක් හමුවු වැඩිහිටි මුස්ලිම් ජාතිකකයන් පිරිසක් කියා සිටියේ ඔවුන්ගේ දුක බෙදාගන්නට එදා සිටම ඉන්දික අනුරුද්ධ කටයුුතු කළළ නිසා මෙවර මුස්ලිම් බහුතරයකගේ සහය ඔහුට හිමිවෙන බවය.

කොරෝනා නිසා විපතට පත් ජනයාට කන්න හාල් දුන් රංජන් ගැනත් ආදරයක්

 

එමෙන්ම පැවැති කොරෝනා වසංගත තත්වය හමුවේ අසරණ ව සිටි පෝරුතොට ජනයා වෙත හාල් බෙදිමට පැමිණ රංජන් පිළිබදවද ඔවුන්ට ඇත්තේ ප්‍රසාදයකි.
ඒ ගැනද මතක් කරන්නට ඔවුන් අමතක කලේ නැත.
මේ පසුබිම තුල මුස්ලිම් ප්‍රජාවගේ මෙවර මනාප හැසිරිම පිළිබදව යම් අදහසක් දැනටමත් පැහැදිලි වෙමින් තිබේ.
මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතු අවසන් විමට අද සිට ඇත්තේ දින 10 කි.

සාෆි රහිම් අසාර්ථකයි ! එජාප මනාපවලට දැඩි අවාසියක්

සාමාන්‍යයෙන් මුස්ලිම් ජනයා වඩාත් සමිපතාවයක් දක්වන පක්ෂය එජාපය වුවද එජාපය නියෝජනය කරමින් මිගමුවෙන් තරඟ වදින හිටපු පළත් සභා මන්ත්‍රි සාෆි රහිම්ගේ දුර්වල මැතිවරණ ව්‍යාපාරය හමුවේ මුස්ලිම් ජනයාගේ මනාපය මෙවර එජාපයට අකාර්ශනය කරගැනිමට නොහැකි වි තිබේ.
මෙය මෙවර එජාපයට ඇති බරපතලම අවාසියකි.
දැනටමත් මිගමුවේ මුස්ලිම් ජනයා මෙවර මැතිවරණයේදි සිය මනාපය යොදාගන්නේ කෙසේද යන්න පිළිබදව ඉගි ලැබෙමින් තිබේ.

 

මාලිමාව ගැනත් මුස්ලිම් තරුණයන්ගේ අවධානය

මුස්ලිම් තරුණ ප්‍රජාව තුල ජාතික ජනබලවේගය ගැනද කිසියම් අදහසක් වර්ධනය වි ඇති බව පෙනි යයි . පසුගිය දිනවල මුස්ලිම් තරුණයන් කිපදෙනෙකුගේ අදහස් විමසා සිටි අවස්ථාවකදි ඔවුන් ජාතික ජනබලවේගය ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරතව සිටින බවට වන අදහස් මුස්ලිම් තරුණයන් තුල වර්ධනය වෙමින් ඇති බව කියා  සිටියේය.
මේ අනුව මිගමුවෙන් මාලිමාවෙන් තරග වදින දොස්තර හෙන්රි රොසයිරෝ ලා වැනි වෘත්තිය වේදින් මුස්ලම් තරුණයන්ගේ මේ උනන්දුව ගැන යම් අවධානයක් යොමුකළ යුතුව තිබේ.