මීගමුවේ මුස්ලිම් විදුහල්පතිවරයෙක්ට එරෙහිව පෙත්සම් ගහපු දේශපාලනඥයන් කව්ද ?

0
62

man-stuck-toilet_~k6226763මීගමුව යනු  දේදුනු නගරයකි. සියළු ආගම් සියළු ජාතින් එක්ව සාමයෙන් වෙසෙන නගරයකි. එහෙත් මේ සාමයට විනකරන ඇතැම් දේශපාලකයන් සහ ඇතැම් ආගමික නායකයන් පිරිසක් නිසා දේදුණු නගරයේ සාමය අනතුරේ වැටෙමින් පවති.
අප පසුගිය දිනක හෙළිදරව් කරන්නට යෙදුනේ මීගමුවේ රජයේ පාසැලකට කඩාවැදුන කතෝලික පියෙතුමෙකු චණ්ඩියෙකුට ඇන්ද පුවතකි.
අප ඔහු පිළිබදව තවදුරටත් ඉදිරියේදි හෙළිකිරිමට සුදානමින් සිටින්නෙමු.
මේ අතර පියතුමා චණ්ඩිපාට් දැමු පාසැලේ විදුහල්පතිවරයා ප්‍රතිපත්තිගරුක සහ උගත් දක්ෂ විදුහල්පතිවරයෙකි.
එහෙත් ඔහු මුස්ලිම් නිසා ඒ පාසැලේ තබන්නට බැරි යැයි කියමින් දැන් දේශපාලනඥයන් 5 දෙනෙකු පෙත්සම් ගසා ඇතැයි වාර්ථා වේ.
පාසැල් පාලනය වන්නේ කිසියම් පරිපටියකට අනුවය. ඒවා පාලනය කිරිමට හෝ ඒවාට බලපෑම් කිරිමට දේශපාලකයන්ට හෝ ආගමික නායකයන්ට කිසිදු අයිතියක් නැත්තේමය.
තතු එසේව තිබියදි මීගමුවේදි මේ දෙකම සිදුවෙමින් තිබේ.
මේ අවසානාවත්ත තත්වය නිසා මීගමුවේ අධ්‍යාපනය අද ඉතා කණගාටු තත්වයකට වැටි තිබේ.
මීගමුවේ අධ්‍යාපන බලධාරින් විසින් ක්‍රියාකළ යුත්තේ පෙත්සම් වලටද ?නැතිනම් ඇතමුන් ගේ චණ්ඩිපාට්වලටද ? රජයේ නිතියට අනුවද ?
අපි විමසිල්ලෙන් සිටින්නෙමු !