මීගමුවේ මුහුදේ ආනාරක්ෂිත ස්ථාන වල දියනෑම මරුකැදවයි !මහජනයා දැනුවත් කරන්න !

0
69

Miranda GSමීගමුවේ මුහුදු අනාරක්ෂිත තැන් හි දියනෑමට යෑම නිසා පසුගිය කාලය ජිවිත ගණනාවක් අහිමිව ගොස් තිබේ.
මේ ඛේදවාචකය ආසන්නතම සිද්ධිය වුයේ දළුවකොටුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු මුහුදට බිලිවිමත් සමගින්ය.
ගමක් හඩවා අවසන් ගමන් ගිය මේ තරුණයන් වෙනුවෙන් හදවත් ඇති සැමගේ එකම පැතුම වි තිබුනේ තවත් නම් මෙවන් ජිවිත බිලිදිම් සදහා ඇති ඉඩකඩ කෙසේ හෝ නවතා ලිමට පියවරගත යුතු බවය.
2016 අප්‍රේල් 26 වනදා මීගමුව මහනගර සභාවේ පැවැති ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමට යෝජනාවක් ගෙන එමින් මිරැන්ඩෝ නම් වු ග්‍රාම නිලධාරියා වරයා කියා සිටියේ කම්මල් මෝය ප්‍රදේශය ඇතුළු එකි අනාරක්ෂිත ස්ථාන සදහා දැන්විම් පුවරු සවිකිරිමට පියවර ගන්නා ලෙසය.
මේ කටයුත්ත සදහා මහජනයා දැනුවත් කිරිමට ඒ ප්‍රදේශයේ තරුණයන් විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට යන බවත් මේ ප්‍රශ්ණය ගැන නිරන්තරයෙන්ම මහජන අවධානය යොමුකළ මාධ්‍යයක් ලෙස මීපුර පුවත්පතේ සහ වෙබ් අඩවියේ සහය ලබාදෙන ලෙසත් ග්‍රාමනිළධාරි මිරැන්ඩා ප අමතා කථා කරමින් කියා සිටියේය.