මීගමුවේ මෘතදේහ වලිනුත් කම්පම් ගන්නා මාෆියාවක් ?

0
108

මීගමුව රෝහලේ තුල පවතින දැඩි අර්බුදකාරි තත්වයේ තරම ගැන කියැවෙන තවත් හෙළිදරව්වක් මේ දිනවල සිදුවෙමින් තිබේ.
එනම් PCR පරික්ෂණ ප්‍රථිපල පමා විම නිසා රෝහලේ මෘත ශරිරාගාරයට ගෙනවිත් ඇති අති විශාල මෘත දේහ මේ වන වටත් පණුවෝ ගසා කුණුවි යමින් තිබිමයි.

එහෙත් මේ තුල ක්‍රියාත්මක එක්තරා මාෆියාවක් රු 15000 ක් පමණ ලබාදිය දෙන්නේ නම් දින 2 කක් තුල මෘත දේහයේ PCR පරික්ෂණ ප්‍රථිවල පවා නිමවා දේහය නිදහස් කිරිමට වැඩපිළිවෙලක් රහසිගතව ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තාවේ.
මේ ආකාරයෙන් කොච්චිකඩේ ප්‍රදේශයේ මෘත දේහයක් එසේ දින 2 කක් තුල නිදහස් කරගෙන තිබුනේ එක් අයෙකු විසින් රු 10000 ක්ද තවත් පවුලක් විසින් රු 15000 ක්ද ලබාදිමෙන් පසුව බව කියැවේ .

එමෙන්ම අප මිට පෙර හෙලිදරව් කර තිබුන පරිදි මිගමුව මංකුලිය ප්‍රදේශයේ දේශපාලනයට සම්බන්ධ ඥාතියෙකුගේ මළසිරුරක් දිනයක් තුල නිදහස් කරගැනිමට කටයුතු කර තිබුණි. එහෙත් අනිකුත් බොහෝ මෘත දේහයන් නිවෙස් වෙත යාමටම ඇතැම් විට සතියක් පමා වු අවස්ථාවන්ද එමටය.එවිට ලැබෙන්නේ විවෘත කළ නොහැකි සේ සිල් තබාය. මන්ද ඒ වන විට ඒ දේහයන් දැඩි ලෙසින් විකෘතිව පැවැතිමයි.

නිසි ශිතාගාර පහසුකම් නැති මාළු ශිතකර තබාගැනිමට යොදාගන්නේ එකක් තුල එක ගොඩේ තබා තිබුණ මෘත දේහයන් වලින් පණුවන් ගලමින් ඇති බව ඇසින් දුටුවෝ පවසති.