මීගමුවේ මෝචරියේ අඩුපාඩු ගැන අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.

1
100
විශේෂඥ අධිකරණ වෛද්‍ය දයාපාල මහතා

මීගමුව රෝහලේ උපත් සහ මරණ ලියාපදිංචි කාර්්‍යාලයක් ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් රෝහලේ අද  එනම් ජුනි මස 08 වැනි දින පවත්වනු ලැබූ සාකච්ජාවකදී මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ දැනට පවතින අඩුපාඩු පිලිබද අධිකරණ විශේෂඥ වෛද්‍ය දයාපාල මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කලේය. මෙම විශේ්ෂ ප්‍රකාශය කිරීමට පෙර අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා මුලසුන සිටි මීගමු රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගෙන් තමන්ට මෙලෙස මේ අවස්ථාවේ දී මෙම ප්‍රකාශය කරන්නට සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.
ඒ අනුව ඔහු පැවසුවේ සමහර මරණයන් වලදී එම මෘත දේහ පශ්චාත් මරණ පරීක්ෂන වලට සිදු කලයුතු අතර එවැනි අවස්ථාවලදීද මෝචරියේ ඇති අඩුපාඩු නිසාවෙන් ඥාතීන්ට එම මෘත දේහයන් භාර දී මේදී යම් ආකාරයකින් කාලයක් ගත වීමට ඉඩ ඇති බවයි.
එහිදී ඥාතීන් අධිකරණ වෛද්‍ය නිලධාරින්ට චෝදනා එල්ල කරන බවද ඔහු පවසයි.
ඔහු පවසන පරිදි මෝචරියේ ඇති ට්‍රොලි කිහිපයක්ම මේ වන විට කැඩී ඇත.
එයට මුලිකව හේතු වී ඇත්තේ රෝහලේ වාට්ටු වල සිට මෝචරිය දක්වා පැමිණෙන මාර්ගය අබලන්ව ඇති අතර එය මේ වන විට හරිහැටි සකස් කර නොමැති වීමයි.
ඒ නිසා එම මාර්ගයේ ගල් ගැලවී ඇති නිසා එම මාර්ගයේ යනෙන ට්‍රොලී නිතර කැඩී යන බවද විශේෂයෙන්ම ට්‍රොලී වල රෝද ගැලවී ගොස් ඇති බවත් මේ වන විට මෝචරියේ ට්‍රොලී වල අඩුපාඩුවක් ඇති බවත් ඔහු පවසයි.
එලෙසම දැනට මෝචරියේ ඇති මෘත දේශයන් කැපීම සදහා භාවිතා කරන කතුරු, පිහි, සහ කියත් වැනි විශේෂිත උපකරණ සියල්ලම මොට වී ඇති බවත් ඒවායින් මෘතදේහ කැපිමේදී දැඩි ලෙස අපහසුතාවයන්ට ලක්වන බවත් මේ පිලිබදව වසරකට කලින් සිට තමන් රෝහලේන් ඉල්ලා සිටි නමුත් ඒවා මෙතෙක් නොලැබී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
තවද මෝචරියේ වහලය කැඩී ගොස් ඇති අතර වර්ෂාවකදී ඇතුලත තෙමෙන බවත් එයට නිසි ලෙස වාතාශ්‍රය පවා නොලැඛෙන බවත් එලෙසම මෝචරියේ එලියේ අධික මදුරුවන් ඇති නිසා මෘත දේහ කැපිමේදී එය විශාල දුෂ්කරතාවයක් සහ බාධාවක් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එලෙසම මෘත ශරීර නොපෙනෙන සේ ඒවාට යම් ගෞරවයක් ලැඛෙන ලෙස එතීමට කළු පොලතින් පවා මෝචරියේ නොමැති බවත් එලෙසම මෘත දේහ කැපු පසු අත් සොදා ගැනිමටවත් සමහර කාල වලදී සබන් කැටයක් හෝ මෝචරියේ නොමැති බවද ඔහු පැවසීය.
තවද මෝචරියේ සිටින සේවකයන් තිදෙනා හැරෙන්නට මෘත දේහ වැඩි ගනනක් කැපීමට සිදු වන දිනයකදී වුවද වැවිපුර සේවකයෙකු හෝ රෝහලෙන් ලබා නොදීමද ඔහු විසින් පෙන්වා දුන් අඩුපාඩුවකි.  එලෙසම මෙවැනි රෝහලක මෝචරියකටසිටිය යුතු තවත් සුඵ සේවකයන් සහ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේද හිඟයක් මෙහි ඇති බවද ඔහු පෙන්වා දුන් තවත් අඩුපාඩුවකි.
එලෙසම මේ වන විට සුළු වැස්සකදී පවා අධිකරණ විශේෂඥ වෛද්‍ය කාර්්‍යාලය අවට මඩවීම තවත් දුෂ්කරතාවයක් ලෙසද ඔහු පෙන්වා දුන්නේය.
මේ අකාරයේ අඩුපාඩු මතින් තමන් ඇතුළු තම කාර්්‍ය මන්ඩලය රාජකාරි කරන බවත් එහිදීද සිදු වන යම් ප්‍රමාදයකදී ජනතාවගෙන් තමන් ඇතුළු තම කාර්්‍ය මන්ඩලයට බැනුම් ඇසීමට සිදුවන බවද ඔහු වැඩි වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙන ලදී.
ඉන් පසු කථා කල මීගමු රෝහලේ වෛද්‍ය අධිකාරී මොහොමඩ් තවුෆික් මහතා පැවසුවේ තමන් අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන්ට සහ මෝචරියට අවශ්‍ය උපකරණ සහ අනෙකුත් දේ ලබා දීමට සෑම විටම කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් රජයේ රෝහලක් නිසාවෙන් අවශ්‍ය එම උපකරණ සහ නොයෙකුත් ද්‍රව්‍යයන් ගෙන්වා ගැනිමේදී ටෙන්ඩර් වැනි ක්‍රම නිසා යම් කාලයක් ගත වන බවද ඔහු පවසයි.  hospital 4කෙසේ වෙතත් වෛද්‍ය අධිකාරීවරයා පවසන්නේ මෙවැනි තත්වයක් මාධ්‍ය මගින් වාර්තාවීම හරහා මීගමු රෝහල සහ එහි කාර්්‍යයන් ජනතාවගේ සහ බලධාරීන්ගේ වැරදි වැටහීමකට ලක් විය හැකි බවයි.