මීගමුවේ යහපාලනයට වලකපන්නේ මහතුන්ලා,කාවින්දලා,සහ ලංසලාද ?

0
52

bribery-1newප්‍රබල ඇමතිධුර සහ කෝටි ගණන් මුදල් විසිකිරිම් සියල්ල හමුවේත් මීගමුවේදි යහපාලනය දිනන්නේ වැඩිඡන්ද 31000 කිනි.
එහෙත් තවමත් මීගමුවට යහපාලනය පැමිණ නැත.
ඇත්තේ වනචර පාලනයකි.
යහපාලන රජයක් යටතේ මහදවල් අංක තහඩු රහිත යතුරුපැදිවලින් පැමිණ මාධ්‍යවේදියෙකුට පහර දෙනු ලබන්නේද මීගමුවේදිමය.
දැන් නත්තල් පොළ තුල සිදුකරනු ලබන එළිපිට කප්පම්ය.දිග් අඩියක් රු 1500 ක් යැයි ටෙන්ඩර් කොන්දේසියක් තිබියදිම අද ඒවා ලක්ෂ ගණනින් මිළ කෙරේග
මේ සියල්ල මෙසේ සිදුවෙද්දි මේවාට උඩගෙඩි දිම සදහා අළුත් ආකාරයේ සන්ධානයක්ද මීගමුව තුල ගොඩනැගෙමින් තිබේ.
ලංසා පවුල මීගමුව තුල දේශපාලනිකව අන්ත පරාජයකට පත්කිරිමට මීගමුව ජනයා පියවර ගෙන තිබුණද ඔවුන් හා කරට අතදාගෙන නව දුෂිත සන්ධානයක් ගොඩනැගිමට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනලා පියවර ගෙන තිබුණ ආකාරය  අද මීගමුවේ දේශපාලනික වශයෙන් උනන්දු ජනයා අතර ප්‍රසිද්ධ රහස්ය.
දායන් ලංසා හා කාවින්දලා කරන කියන දැ බහුතරයකට දැන් රහස් නොවන මට්ටමට ප්‍රසිද්ධියට පත්වෙමින් තිබේ.
මේ දෙදෙනා විසින් කරනු ලබන පුද්ගලික දෑ ගැන අපට අදාල නොවුනද මේ සන්ධානය විසින් මීගමුවට සිදුකරන්නට යන විනාශය අපට අදාලය.
එය ලත්තැනම ලොප්කළ යුතුව තිබේ.මීගමුව ජනතාව වැඩි ඡන්ද 31000 කින් දිනවන්නට කටයුතු කළේ මීගමුව අළුතින් ගොඩනගන්නට බලාගෙන මිස අශුද්ධ සන්ධානවල ඕනෑඑපාකම් ඉටුකරන්නට නොවේ.
මීගමුවේ නත්තල් පොළේ ටෙන්ඩර් කරු යනු එජාප පාක්ෂිකයෙකි.ඔහු කව්රුත් හදුන්වනු ලබන්නේ මහතුන් යන නමිනි.tmp_9294-image-0-02-06-eb7b89589dc4b2a0845f95849f5c345532ffd878f0900d7b5c1c83be1ebc1396-V-85294943
එහෙත් ඔහු මීගමුව එජාප සංවිධායක රොයිස් විජිතගේ ආධාරකරුවෙකු නොව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනගේ ආධාරකරුවෙකි.
මේ නිසාම මීගමුව තුල මහත් වු ආන්දෝලනයකට තුඩුදුන් කුප්‍රකට බිච් පාක් ටෙන්ඩර් ගණුදෙනුවේ දිද කාවින්ලාගේ මහතුන්ලාගේ සහ ලංසලාගේ මේ අශුද්ධ සන්ධානය මැනවින් ක්‍රියාත්මකව තිබුණි.
මේ නිසාම කාවින්දලාගේ අනුදැනුම මත මහතුන්ලා බිච් පාක් ටෙන්ඩර් ගණුදෙනුවෙන් ඉවත් වන්නේ එය මෙවරත් ලංසා පවුලට දායද කරමිනි.
මේ අශුද්ධ සන්ධානය ගැන ජනතාවට හෙළිකොට ඔවුන් පරාජය නොකරන්නේ නම් මීගමුව තව දුරටත් යටත් වනුයේ යහපාලනයකට නොව වනචර පාලනයකටය.
හර්බට්. එම්. ප්‍රනාන්දු