මීගමුවේ රජයේ පාසැල්වල පරිපාලනයට බලපෑම් කරන්න කතෝලික පියතුමන්ලාට බලය දුන්නේ කව්ද ?

0
33

12මීගමුව කතෝලිකයන් බහුතරයක් වෙසෙන නගරයකි. එයැ සැබැවකි. එහෙත් අප අමතක නොකළ යුතු තවත් ඇත්තක් තිබේ.
එනම් එය දේදුණු නගරයක් බවය.
එහි හින්දු භක්තියකයන්ද,මුස්ලිම් භක්තියන් මෙන්ම බොදුනවන්ද සමගියෙන් වෙසෙන එකක් බවය.
තතු මෙසේ තිබියදි පසුගිය කාලය තුල අප අවස්ථා කිපයදිම අසන්නට ලැබුනේ මීගමුවේ රජයේ පාසැල්වල පරිපාලනයට විවිධ අවස්ථාවලදි අනවශ්‍ය මැදිහත් විම් ඇතැම් කතෝලික පියතුමන්ලා කරමින් සිටින බවය.
මීට සති කිපයකට ඉහතදි දමිල දරුවන් බහුතරයක් සිටින ඉතා කුඩා පාසැලක විදුහල්පතිවරයා හමුවිමට ගිය එක්තරා කතෝලික පියතුමෙක් සිය දහමේ මුලික හරයන්ටද පටහැනිව චණ්ඩියෙකු ලෙසින් එහි වු මුස්ලිම් ජාතික විදුහල්පතිවරයා හමුවේ හැසිරි ඇත.
ඒ සිදුව ඇති සියඵ දෙබස්වලට ඇහුම් කන් දෙන විට අපට අසන්නට ඇත්තේ එකි පියතුමා අයිතිවන්නේ කතෝලික සභාවට නැතිනම් රස්සියාදු කාර බජාර් එකකටද යන්නය.
ඔහු එක්තරා අවස්ථාවකදි අර මුස්ලිම් විදුහල්පතිවරයා අමතමින් කියා සිටින්නේ මට තියෙන්නේ පල්ලියේ සිනුව ගහන්න විතරයි මම දන්නේ මිනිස්සු ඇවිත් මෙතනට මොනව කරයිද කියල.
ඒ අකාරයේ චණ්ඩි කථා ගොන්නක් එකි පියතුමා  විසින් එහිදි කියා ඇත.
ඔහු නම් ඇත්තටම අයිතිවන්නේ වතිකානුවේ ප්‍රැන්සිස් පාප්තුමන්ගේ සංඝයට වඩා ඉතාලියේ නපොලි සහ වෙනත් නගරය වල ක්‍රියාත්මක මාෆියා කල්ලිවලට බවය.
මාෆියාකාරයන් කරන්නේද විවිධ කොටස් බිය වද්දමින් තමන්ගේ අරමුණු ඉටුකර ගැනිම ක්‍රියාත්මක විමය.
දැන් මීගමුවෙන් යළිත් වාර්තා වන්නේ මීගමුවේ තවත් රජයේ පාසැලක විදුහල්පතිවරයෙකු මාරු කිරිම සදහා පෙත්සම් ගැසු පියතුමෙකු ගැනය.
මේ පියතුමා විසින් එකි පාසැලේ විදුහල්පතිවරයාට එරෙහිව අධ්‍යාපන බලධාරින් වෙත පෙත්සම් ගසා බරපතල මානසික පිඩනයන් මුදාහැර තිබේ.
ඒ හේතුව නිසාම එකි විදුහල්පතිවරයා දැන් පාසැලෙන් ඉවත් ව ගොස් තිබේ.
ඒ පාසැල වැටි තිබුන තත්වයෙන් ගොඩගන්නට මහත් වෙහෙසක් ගෙන කටයුතු කළ මේ විදුහල්පතිවරයා නැවත තම පාසැලට ලබාදෙන ඉල්ලමින් දැන් දෙමව්පියන් පාරට බැස විරෝධතා දක්වන්නට පටන් ගෙන තිබේ.
යහපාලනය යටතේ ස්වාධින රාජ්‍ය සේවකයන් ස්ථාපිත කර තිබුනද මීගමුවේ ඇතැම් බලධාරින් තවමත් පල්ලිවල වල පියතුමන්ලාටත් ඇතැම් අවස්ථාවලදි දේශපාලකයන්ටත්  මීගමුවේ පාසැල්වල පරිපාලනයට ඇගිලි ගසන්නට ඉඩ දි නිවට සිටින තත්වයක් උදාකරගෙන තිබේ.
මේ නිසාම යහපාලනය තවමත් මීගමුවේ අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රය තුලට කැදවාගෙන එන්නට තරම් මේ සිටින නිළධාරින්ගේ කසේරුකා ශක්තිමත් තත්වයක නැත.
අපි දෑස් විදහා බලා සිටින්නෙමු.