මීගමුවේ රථවාහන සැලැස්ම අහෝසි කරන්න කථා කරපු ව්‍යාපාරිකයන්ට කපිල මන්ත්‍රි ලුණුඇඹුල් ඇතිව කියයි ?

0
98

kapiala picදැනට මාස කිපයට පෙර සිට මීගමුව තුල ක්‍රියාත්මක තනි අතට වාහන ගමන් කරවිමේ  රථවාහන සැලැස්ම ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති.
විශේෂයෙන්ම පසුගිය නත්තල් කාලය තුල මෙහි සාර්ථකත්වය නගරය කරා පැමිණි දහස් ගණනක්වු පාරිහෝගියකයන්ගේද ඇගයිමට ලක්විය.
තතු එසේව තිබියදි මීගමුවේ සිටින ව්‍යාපාරිකයන් අතලොස්සක් දෙනා තමන්ට බිස්නස් නැතැයි කියමින් මේ රථවාහන සැලැස්ම නවතන ලෙස අද පැවැති මීගමුව සංවර්ධන කමිටුවේදි අදහස් දක්වා ඇත.
එයට පෙරළා පිළිතුරු දුන් නගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා පවසා ඇත්තේ මීගමුව නගරය යනු ව්‍යාපාරිකයන්ගේ පමණක් එකක්  නොවන බවය. එය එහි යන එන දහස් ගණනක්වු මහජනයාටද අයිති එකක් බවය.
මේ සැලැස්ම කඩාකප්පල් කරන්නට සැරසෙන ව්‍යාපාරිකයන් අතලොස්සක් දෙනා මීගමුවේ එක්තරා දේශපාලකයෙක්ව අල්ලාගෙන කෙසේ හෝ මෙය නවතා දමන්නට වලික කයි.
එහෙත් එයට එරෙහිව බොහෝ දෙනා දැනටමත් පෙළ ගැසෙමින් සිටිති.