මීගමුවේ රියඅනතුරු වැඩිවෙලාද?

0
64

AccAccident-1(6.00 am)රිය අනතුරු අඩුවෙලාද? වැඩිවෙලාද?
රිය අනතුරක් සිදු වීම කෙරෙහි විවිධ හේතු සාධක තිබියහැකි අතර බීමත්කම ඉන් එක් සාධකයකි.නත්තල් සමය බැවින් නිතර මගීන්ගෙන් සහ වාහන වලින් පාරවල් පිරී ඇති නිසා මේ දිනවල රිය අනතුරුවල වැඩිවීමක් සිදුවිය හැකියැයි උපකල්පනය කළ හැක. නමුත් නිවැරදිව අදහසකට පැමිණිය හැක්කේ මේ පිළිබඳව හොඳින් දන්නා අදාල පොලිස් ස්ථානය මගින් ලබාගන්නා තොරතුරු මතය. මීගමුව පොලීසියේ රථවාහන අංශයට පැමිණියේ වාහන අනතුරු වල තත්වය ගැන අවබෝධයක් ලැබීමේ අටියෙනි.

මේ අනුව නත්තල් සමයේදී සිදුවූ අනතුරු වලින් අධිකරණයට යොමුකර ඇත්තේ සිද්ධි 3ක්පමණක් බවත්, අනෙකුත් අනතුරු සුළු තුවාල ගනයට අයිතිවන බවත් පොලීසිය සඳහන් කරයි. එසේම සමහර රිය අනතුරු දෙපාර්ශවය අතර එකඟතාවය මත සාමදානවී ගැටුමකින් තොරව නිරාකරණය වේ.මේ අතර පසුගිය වසරේ සහ මේ වසරේ මාරක රියඅනතුරු වල අඩුවීමක් ඇතිබව ප්‍රකාශිතය.

2017 මාරක රිය අනතුරු -27

2018 “ “ -11 මෙම මරණ 11න් 4ක්ම බීමත්කම නිසා සිදුවී ඇත. කෙසේ නමුත් මෙහි අඩුවීමක් පෙන්නුම් කරන හෙයින් එය පොලීසියේ නිලධාරි මහත්වරුන්ටත්, ජනතාවටත් සතුටු දායක කරුණක් බව කිව යුතුය.

රිය අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන බීමත්කම මත මීගමුව පොලීසියේ රථවාහන අංශය විසින් 2018දී සිදුකළ අත්අඩංගුවට ගැනීම් මෙසේ විය.

ජනවාරි -66යි, පෙබරවාරි -44, මාර්තු – 49, අප්‍රියෙල් -44යි, මැයි -68, ජුනි -55යි, ජුලි -69යි, අගෝස්තු – 41යි, සැප්තැම්බර් -44යි, ඔක්තෝම්බර් -66, නොවැම්බර් -43යි, දෙසැම්බර් -45ක් පමණ ආදී වශයෙන් විය.මෙම සංඛ්‍යාලේඛණ වලින් පැහැදිළි වන්නේ සමහරු වාහන වලින් ගමන් කරන විට මාර්ග නීතිය වගේම තමන්ගේ ජීවිතය ගැනද නොසළකා ඇති ආකාරයයි. මනස යහපත් මට්ටමක තිබියදී පවා බරපතල රිය අනතුරු තමන් නොසිතූ අවස්ථාවන්වල සිදුවෙද්දී බීමත්ව මනස විකෘති වීමෙන් ඒවා කෙසේ සිදුවන්නේදැයි කිසිවෙකුට කිව නොහැක. එබැවින් රිය පදවාගෙන යනවිට බීමත්ව සිටීම වැරදිසහගත එකී සියළු දෙනා සිහි තබාගතයුතුයි.