මීගමුවේ රිය අනතුරු පිළිබද විමසා බැලීමක්

0
337

DSC_0491new වාහනයක   ගැටී  දිවි  බේරාගත්  අයකු  නුලෙන්  බේරුනා  යැයි  කියනු   ඹබ අසා  ඇත.  මෙය  පොදු  අත්දැකීමක්   බවට පත්වී   මහමග  ගමන් කිරීම   අනාරක්ෂිත   මනෝභාවයක්   ජනිත  කරයි.  අද වනවිට  ජනගහනය  අධිකය,  වාහනද  අධීකය.  එ සේම  රිය  අනතුරුද   අධිකය.  මේ අනුව  ඊට  අවධානය  දුන් අපි   මීගමුව පොලීසියේ   රථවාහන අංශයේ   ස්ථානාධිපති   ගජනායක  මහතාගේ   අනුදැනුම  මත   පොලිස්    සැරයන්  අධිකාරි   මහතා  (   31719) හමුවී  රිය අනතුරු   මොනවාද? ,  ඒවා  සිදුවන්නේ  ඇයි    යනාදී  වශයෙන්   කතාබහක   යෙදුනෙමි.

රිය අනතුරු  යනු මොනවාද?

මාරක රිය  අනතුරු,  බරපතල තුවාල  සහිත,   සුළුතුවාල  සහිත,   අලාභසහිත,   සුළුඅලාභ  සහිත,  ආදීවශයෙන්    රිය අනතුරු  වල  ස්වභාවය  අනුව  වර්ගකිරීමක්  කෙරේ.   2016     සහ   2017   මීගමු  නගරයේ  පමණක්  සිදුවු   අනතරු   මෙසේය.

 

2016

*මාරක රිය  අනතුරු                                          -23

*බරපතල   තුවාල  සහිත  රිය   අනතුරු               66

*සුළු   තුවාල  සහිත රිය  අනතුරු                        -68

*අලාභ  සහිත                                                     -85

මුළු  එකතුව                                             242

 

 

2017

*මාරක  රිය  අනතුරු                                -26

*බරපතල   තුවාල  සහිත  රිය අනතුරු        -56

*සුළු  තුවාල  සහිත  රිය  අනතුරු                -43

*අලාභ  සහිත    රිය  අනතුරු                       -52

මුළු  එකතුව                                – 177

නොවැම්බර්     සහ   දෙසැම්බර්    මාසවල    රිය  අනතුරුවල    අඩුවක්      පෙන්නුම්  කෙරේ.

නොවැම්බර්    –   (4 යි)

*බරපතල   තුවාල  සහිත   රිය  අනතුරු     -1

*සුළු  තුවාල  සහිත                                    -2

*අලාභ  සහිත                                            -1

දෙසැම්බර්      –   ( 10)

*බරපතල    තුවාල  සහිත   රිය  අනතුරු      -1

*මාරක  රිය  අනතුරු                                   -3

*සුළු  අලාභ  සහිත                                       -3

*සුළු  තුවාල  සහිත                                       -3

 

මෙම  මාස  දෙක  තුල  අනතුරුවල  අඩුවක්   වී ඇත්තේ  දඩුවම්  පිළිබදව   ඇතිවු   වෙනස  නිසායැයි   අදහස්    කෙරේ. බීමත්ව   රිය පැදවීම  ,   ඉර කපාගෙන ධාවනය  කිරීම  ,ආදී වරදි  සදහා  රු. 25000/ ක්  වැනි  දඩමුදලක්  යෝජනා  කිරීම  උදාහරණයක්  ලෙස  දැක්විය  හැක.

නිල  සංඛ්‍යාලේඛණ   මෙසේ  වුවද  දෙපාර්ශවයේ   එකගතාව   මත  සමතයකට  පත්වන  නිසා  සත්‍ය  සංඛ්‍යාවන්  හෙළිනොවේ.  පොලීසිය  උත්සාහ  දරන්නේද   මේවා  අඩුකිරීමට මිස   වැඩිකරගැනීමට   නොවේ.

ප්‍රධාන   වැරදි  සහ  අදාල     දඩුවම්

වේගසීමාව  ඉක්මවා  ධාවනය  කිරීමට   -රු.1000යි

බීමත්ව  රිය ධාවනය  කිරීමට                                 -අධිකරණයට  ඉදිරිපත්  කෙරේ. සමහර  විට  රියදුරු  බලපත්‍රය        ද  අහෝසි   කළ හැක.

රියදුරු  බලපත්‍රය  රහිත  වීම      –  රු. 2500 /   අයිතිකරුට   – රු. 3000 /

රක්ෂණ  සහතිකය  රහිත  වීම   –  අධිකණයට  යොමුකෙරේ.

බාලවයස්කාරයින්   රිය පැදවීම      -රු.5000/    අයිතිකරුට -3000/

රතු එළිය  නොතකා  ධාවනය         –  අධිකරණයට   යොමු කෙරේ.

දුම්රිය  හරස්  මාර්ග  හරහා  යාම      –   අධිකරණයට  යොමුකෙරේ.

නව  නීතිපැනවීම්   මත රු. 25000/  දක්වා   වැඩිකිරීමට  යෝජනා  වීම  තුල   අනතුරු  වල  වෙනසක්  ඇතිවිය   හැකිබව   බොහෝ  දෙනාගේ  අදහසයි.   මීට අමතරව  වෙනත්   මාර්ග නීති කඩකිරීම්  ලෙස   One Way (එක මාර්ගයක ගමන් කිරීම)    නීතිය   කඩකිරීම , කහ ඉර නොතකා  ධාවනය , සංඥා   නොතකා හැරීම් දැක්විය හැක. දෙසැම්බර්  16  වන දින  මීගමු රෝහල  ඉදිරිපිට  ඇති  කහ  ඉරමත  ත්‍රිවිලයක්  ගැටී  73  හැවිරිදි  අයෙකු  ජීවිතක්ෂයට  පත්විය.
දුම්රිය  හරස්  මාර්ගය  නොසළකා  ගමන්   කිරීමේ  ආදිනව  22 දා   කට්ටුව  දුම්රිය   පොළ අසල    සිදුවු   මාරක  රිය අනතුරෙන්  අපි    දුටු  අතර   එය  පාදක   කර   ගනිමින්
‘ මරු කැදවන  දුම්රිය  හරස්  මාර්ග ‘  යන   තේමාවෙන්   ලිපියක්ද   පළකලෙමු.train accident 2

රියඅනතුරු   සිදුවන්නේ   ඇයි?

මෙය  විවිධ   හේතු  මත ඇතිවන  ප්‍රතිථලයකි.  ඒ නිසා     මෙහිදී   අප   සාකච්ඡා  කරන්නේ  මීගමු  නගරය  පදනම්   කරගනිමිනි.    කටුනායක ,  සීදූව,  ජාඇල  රිය  අනතුරු  වැඩියෙන්  සිදුවන්නේ   ගුවන් තොටුපල  ආසන්නයේ  වීම  නිසා බව  අධිකාරි  මහතා  සදහන්  කරයි. සෑම  ප්‍රදේශයන්ගෙන් ම  එන  පිරිස්   ඉක්මනින්    පැමිණීමේ  අපේක්ෂාව  මත  තම  වාහනය  වේගයෙන්  ධාවනය  කරයි.   මේ  නිසා   මෙම  නගරවල පවතින  තදබදයද   නිසා   අනතුරු  ඇතිවන    පරිසරයක්   නිර්මාණය වීඇත.       මීගමු‍වද   ජනාකීර්ණ නගරයකි.මාර්ගවල   පවතින    තත්වය  අනුව   එය  වෙනස්වේ.  සමහර  ස්ථාන වල   වැඩි  තදබදයක්   දැකිය හැක.

මීගමුව දිවුලපිටිය  පාරේ   පාංකඩ   හංදියේ  සිට  කොප්පරා   හංදිය   දක්වා  සහ  ජීං හංදිය,   ඒ අසල  රනිල්  ලී මෝල  ඉදිරිපිට   පාලම   යන  ස්ථාන   මීට  උදාහරණ වේ. මෙම  පාරවල්   පළලින්   අඩුවීම  තදබදයට   හේතුවක්   ලෙස  පොලීසිය   පෙන්වා  දෙයි. පෙරියමුල්ල   සිට   පන්සල්  හන්දිය  දක්වා  පාර ද  පළලින්   අඩුය.

පාරවල්   පළල්  කිරීමට  ජනතා   අකමැත්තක්   නැත. ප්‍රශ්නය  ප්‍රතිපාදන  නැතිබව  දේශපාලන  අධිකාරියේ   පිළිතුරයි.   මීට අමතරව   පදික  වේදිකාවේ  වෙළදාම්  කිරීම  (විශේෂයෙන්   නත්තල්  උත්සව  වැනි  අවස්ථාවල  )  පාසැල්  අසල  පවතින   කලබලකාරී   තත්වය  උදාහරණයක්  ලෙස  මාරිස්ටෙලා  විදුහල  ඉදිරිපිට   ඇති  බස්නැවතුම්  පොල   මෙසේ  තදබදයට  හේතුවක්   ලෙස  දැක්වේ.ඒ අනුව  ජනතාව   ඉල්ලා  සිටින්නේ  එම  බස්නැවතුම්  පොල වෙන තැනකට   ගෙනයන ලෙසටයි.  පාරවල්  කාපට්   කිරීම  කලද   විදුලි  කනු   ඇත්තේ  පාරවල්  වලය .විශාල  වලවල්   නිමනොවු  කානු  තැනින්තැන   නිර්මාණය   වී ඇත. සමහරවිට   ජලසම්පාදන  මංඩලය,   විදුලිබල  මංඩලය ,    මාර්ග  සංවර්ධන  අධිකාරියද  අදාල   රාජකාරිය  මත   වලවල්   සැකසීමට   දායකවේ.   පසුව ඒවා  පිළිසකර  කිරීමට  කාලයක්   ගනී. පාරවල්  පලල්  කිරීමට  පාලම්   පලල්  කිරීමට  විශාල  මුදලක්   වැය කිරීමට  වනබව   අපි  දනිමු. එය එකම විකල්පය  නම්   කළයුතුමය.DSC_0514

මාර්ගවල   ඇදඇති  සුදුඉරි   සමහර තැන්වල  මැකී ඇත.  කුඩා  ගැටිති  සමතලාවී ඇත. පාංකඩ  හංදිය  මෙවැනි  තැනකි.  එවැනි තැන්වලට  සුදුසු වන්නේ  පලලින්  යුතු  ගැටිති  බව  පොලීසිය    සදහන්  කරයි.පාරවල්   හුරුනැති  නිසාද ( පිටින්   පැමිණ සිටින  අයට  ) අනතුරු  සිදුවිය  හැකි  යැයි   ප්‍රකාශවේ.   පාරේ  යනඑන  අවස්ථාවල    ඹ්නෑම  පුද්ගලයෙකු  තුල   ජිවිතය  සුරක්ෂිතය  යන  හැගීම   ඇතිවන්නේ  එම  පරිසරයේ  ඇති  සංවිධානාත්මක   ස්වරූපය  අනුවය.වාහන  වමෙන්  යායුතුයි,    මිනිසුන්  දකුනෙන්   යායුතුයි,යනුවෙන්    හැසිරිම්වල  පාලනයක්  දක්වා  ඇත්තේ  එහෙයිනි.ඇගිල්ල  දිගුවන්නේ   පාරේ  යන එන අය සහ වගකිවයුත්තන්   යන සියළු දෙනාටමය. මෙහිදී  එක්තරා  පොතක තිබු  පාඨයක්   සිහියට  නැගේ එනම්  “ අපට  සතුරා  හමුවී ඇත .  ඒ කව්රුත්  නොවේ  අපමය”  යන්නයි. මේ අනුව  මීගමු  නගරයේ  මාර්ග   සංවර්ධනය  සදහා  දේශපාලනඥයින්,  නිලධාරීන්,  ධනවතුන්,  යන සිළුදෙනාගේ   සාමුහික  දායකත්වයක්   තිබිය  යුතුය.


සටහන – සැම්සන් ඥනසිරි

 

 

 

 

 

.