මීගමුවේ රෝහලේ ඩෙංගු රෝගීන් 118 ක් ! පුද්ගලික පංති පවත්වන ස්ථානත් වසා දැමේ

0
265

(1.55 pm ) මීගමු  රෝහලේ  අදවනවිට  ඩෙංගුරෝගීන්  සංඛ්‍යාව  118  දක්වා  වර්ධනය  වී  ඇත.  රෝහල්  ආරංචි  මාර්ග  වලට  අනුව  මෙහි  වැඩි  වර්ධනයක්  පෙන්නුම්  කරන්නේ  අක්කර 50,  තැඹිලි  වත්ත  වැනි  ප්‍රදේශ  මුල් කරගෙනය. මීගමු තුල මේ වන විට ඒත්තුකාල දළුපත යන ප්‍රදේශවල ඩෙංගු සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර කුරණ සහ තලාදුව පාර යන ප්‍රදේශවලද තත්වය මේ වන විට භායනක වෙමින් තිබේ.
මේ අවධානම් තත්වය නිසා මේ වනවිට  මීගමුව  කලාදූව  පාරේ  පවත්වාගෙන පුද්ගලික පංති ගණනාවක්ම වසා දැමිට කටයුතු කර ඇතැයිද වාර්ථා වේ.
Axiam,   IBM  යන   ස්ථාන මේ අතර වෙයි.
මේ  ගැන  අදහස්  දක්වන   වෛද්‍යවරු   ප්‍රකාශකරන්නේ  මේ  වනවිට  ඩෙංගු රෝගය  සාමාන්‍ය  රෝගයක්  වන  නමුත්  ඩෙංගු   නිසා  වන   මරණ  වලට  මූලික  හේතුව  අවබෝධය  පිළිබඳ  ප්‍රශ්ණයක්  බවයි.  මුල්  අවස්ථාවේදී   යම්හෙයකින්  බෙහෙත්  භාවිතය  හෝ  වෙනත්  හේතුවක්  මත  උණ  අඩුවුවහොත්  රෝගය  සම්පූර්ණයෙන්  සුව අතට  හැරුනා යැයි  සිතා  කටයුතු  කිරීමෙන්  නැවත  රෝගය  උත්සන්න  වීමෙන්  සුව නොකළ  හැකි  තත්වයට  පත්විය  හැකි  බවයි.
ඒනිසා  උණ  දෙවරක්  හැදුනු   ලෙඩෙක් නම්  අනීවාර්්‍යයෙන්ම  N S -1  නම්වූ  පරීක්ෂණය  කරගතයුතුව  ඇත.  නමුත්  දැනට  ඩෙංගු  රෝගය  පැතිර  පවත්නා  ග්‍රාමීය  ප්‍රදේශවල  ජනයා හට  මේවා  ගැන  අව‍බෝධය  මඳකම නිසා  නිසි  ප්‍රතිකාර  කිරීමේ  හැකියාව  අඩු බව  පෙනේ.  ඒ නිසා  මේ  සම්බන්ධව  අවදියෙන්  සිටින  ලෙස  අප  ප්‍රදේශවාසී  ජනතාවගෙන්  ඉල්ලා  සිටිමු.