මීගමුවේ රෝහලේ රෝගි කතගේ නිරුවත ඡායාරූප ගතකරලා?

0
65

ජූලි 04 වනදා මීගමුව රෝහලේදී  කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණී.  එයට හේතු වී තිබුණේ  මීගමුව රෝහලේ කාන්තා වාට්ටුවක් තුළදී එම කාන්තාව විසින් තවත් කාන්තාවක් සිය ඇඳුම් මාරුකරමින් සිටි අවස්ථාව ඡායාරුප ගතකිරීමයි. යම් කිසි පරීක්ෂණයක් සඳහා සුදුසු ඇදුමක් ඇඳ ගැනීමට  සඳහා සූදානම් වෙමින් සිටි කාන්තාවකගේ ඡායාරෑප  සිය දුරකථනය මගින් ගනිමින් සිටියදී රෝහල් බලධාරීන් විසින් ඇය ව  නිරීක්ෂණය     කර ඇති අතර ඉන් පසුව රෝහල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.
ඇයගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී රෝගි කාන්තාවගේ නිරුවත් පින්තූර 6ක් පමණ එහි තිබී ඇත.
පසුව ප්‍රශ්න කිරීමේදී ඇය එම ඡායාරෑප ගත් බවද පිළිගෙන ඇත.   පසුව මීගමුව පොලීසියි විසින්  ඇයව අත්අඩංගුවට ගෙන  උසාවියට ඉදිරිපත් කර තිබේ.