මීගමුවේ රෝහලේ විධිමත් වැඩපිළිවෙල අවුල් කිරිමේ කුමන්ත්‍රණකරුවෝ කව්ද ?

0
103

bribery-1newරට මුහුණ දි ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කය බරපතල අර්බුදයකට ගමන් කරමින් තිබේ. මේ පසුබිම තුල මිගමුව රෝහලට පැවරි ඇති වගකීමද අතිමහත්ය.
ඒසා දැවැන්ත වගකිමක් ක්‍රියාත්මක කරවිමට නම් එයට ගැලපෙන සුදුසු පරිපාලනමය නායකත්වය මිගමු ⁣රෝහලට තිබිය යුතුය.එහෙත් අවාසනාවක මහත වන්නේ පසුගිය වසර කිපය පුරාවට මීගමුව රෝහලට විධිමත් පරිපාලන සැලැස්මක් ගෙන ආ හැකි අය පත්ව ආවේ නැත.

ඒ වෙනුවට පැමින තිබුනේ සිය උසස් අධ්‍යාපන පාඨමාලාව සඳහා අවැසි සුදසුකම් සපුරාගැනිම සඳහා සුදුසුම තාවකාලික නවාතැන්පලකට පැමිණි අය පමණි.මේ නිසාම සැලසුම්ගත වැඩපිළිවෙලක් නිර්මාණය වුයේ නැත.මිගමු රෝහලට විධිමත්කම කැදවාගෙන ඒමට හැකි අයට අකමැති පිරිසක්ද රෝහල තුල විය.ඒ අයට අවැසිවුයේ ඒ අයගේ වෛද්‍ය වෙළදාම නිදහසේ කරගෙන යා හැකි සැරවැර නැති අයව අධ්‍යක්ෂකවරුන් ලෙසින් රදවා ගැනිමටය.

දැන් යළිත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකය.

ඒ දැනටමත් මිගමු රෝහල තුල විධිමත් වැඩපිලිවෙලක්  සාමුහිකව ගොඩනැගිමට වැඩිම අත්දැකිම් ඇති දැනට නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරන වෛද්‍ය ඇන්ටන් වෙනුවට මෙ පජාත කුමන්ත්‍රණකරුවන්ගේ වෙළදාම නිදහසේ කරගෙන යාහැකි පැරිෂුට් අධ්‍යක්ෂක තනතුරක් යලි රෝහල තුල ඇටවිමටය.

ඒ වෙනුවෙන් දැනට ක්‍රියාත්මක කුමන්ත්‍රණකරුවන් පිරිස කව්දැයි රෝහලට සැබැවින්ම ආදරය කරන පිරිස විසින් හඳුනා ඇත.මේ අයට කුප්‍රකට ප්‍රාදේශිය  දේශපාලකයන්ගේ මෙන්ම ජාතික තලයේ දේශපාලකයන් සමඟින්ද සම්බන්ධකම් ඇති බව ප්‍රසිද්ධ රහසිකි.
මේ දේශපාලකයන් හා හුරතල් වෙමින් පසුගිය කාලය තුල මිගමුව රෝහලට ලැබුන මුදල් කාබාසිනියා කළ අන්දමද මීගමුව තුල ප්‍රසිද්ධ රහස්ය.

අතලොස්සක් වන් මේ කුමන්ත්‍රණකාරයන් පිරිස දැන් යළිත් ක්‍රියාත්මකය.මේ අය අතර ප්‍රකට රයිගමයෙකු හා ගම්පළයෙකු වෙයි.දිය යටින් ගින්දර ගෙන යාම කටයුත්තට මේ අය තමන් ඉගෙනගත් වෙදකමටත් වඩා දක්ෂය.මේ අයගෙන් මිගමුව රෝහල බේරාගැනිමට මේ අවස්ථාවේ ඉදිරියට නොපැමි⁣ණෙන පදනම් හෝ කමිටු වලින් කිසිදු  ඵලක් නැත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here