මීගමුවේ ලෙල්ලම් අවුල විසදගන්න ධිවර ව්‍යාපාරිකයන්ගෙන් විකල්ප යෝජනාවක් !

0
105
sdr

sdr

( 4.00 pm ) ධිවර කර්මාන්තයේ දියුණුව රදාපවතින එක් මර්මස්ථානයක් වන්නේ මාළු ලෙල්ලම්ය නැත හොත් කොළඹ භාෂාවෙන් කියන්නේ නම් ප්‍රධාන මත්ස්‍ය වෙළද පොළවල්ය.
මාළු ඇල්ලිමට මෙන්ම මාළු ප්‍රවාහනයටද අවසර දුන් රජය පසුගිය කාලය තුල මාළු අලෙවිකිරිමට අදාලව විධිමත් ප්‍රයෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගැනිමට නොහැකි විම නිසාම සමාජය තුල අර්බුද ගණනාවක්ම නිර්මාණය විය.
පසුගිය දිනවල වැඩි කාලයක් මිගමුවේ ලෙල්ලම් තිබුනේ වසා දමාය.
පසුව පොලිස් අධික්ෂණයන්ද යටතේ ඒවා විවෘත වුනද වරින් වර ගැටළු මතුවිය.
නිදසුනක් ලෙසින් මාළු අලෙවිකරන ව්‍යාපාරිකයන් 57 දෙනෙකු සිටින පිටිපන වීදිය දූව ලෙල්ලමට පසුගිය දිනක දුන්ගාල්පිටිය පොලිසිය යෝජනා කර තිබුනේ එහි ස්ථාපිත කළ හැක්කේ මාළු අලෙවි කිරිමේ ලෑලි 10 ක් පමණක් බවය.
මෙය සැබැවින්ම ගැටළුකාරි විය.
කෙසේ වෙතත් දැන් එහි අලෙවිකරුවන් එක්ව පොලිසියේ යෝජනාවට වඩා ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට .තිබේ.එයට අනුව අලෙවි කරුවන් 20 දෙනෙකුට එක් දිනකදි මාළු අලවිය කරගැනිමේ සැලැස්මක් ඒ තුල අන්තර්ගතය.
දැනට පොලිසියේද නිරිෂණ සමගින් පසුගිය සදුදා සිට එය ක්‍රියාත්මකය.