මීගමුවේ ලොක්කෙක් රජයේ මුදලින් මධුසමයට බැංකොක් යයි ?

0
47

BangkokHangoverTour(1.00 pm )මීගමුවේ එක්තරා රාජ්‍ය ආයතනයකි.
එය දුෂණය අතින් කප් ගැසු එකකි.
මෙහි එක් මහලොක්කෙකුට කිසියම් පුහුණුවක් සදහා බැංකොක් යාම සදහා රජයේ වියදමින් ලැබුන ගුවන් ටිකට් පත එකි ආයතනයේම තවත් ලොක්කෙක්ගේ මධුසමය ගතකිරිම සදහා යන ගමනට සම්මාදමක් ලෙසින් ඔහුගේ වෙත ලබාදි ඇතැයි වාර්ථා වේ.
මේ අනුව දැන් අදාල නිළධාරියාට  ඇත්තේ සිය මනාලියට පමණක් ගුවන් ටිකට් පතක් ලබාගැනිමටය.
හවුලේ කෑම කියන්නේ මේකටය.
දශකයකටත් වඩා වැඩි කාලයක් මීගමුව විනාශයට පත්කළ රාජපක්ෂ ලංසා පාලනය විසින් මීගමුවේ  බොහොමයක් රාජ්‍ය ආයතනයන් අන්ත දුෂිත ඒවා බවට පත්කර හමාරය.
දුෂිත දේශපාලන අධිකාරියේ මගපෙන්විම මත දැන් මීගමුවේ  ඇතැම් ආයතනවල පරිපාලන අධිකාරියේ  සමරහක් නිළධාරින්ද වංචා දුෂණ සහ කොමිස් වලට කප් ගැසුවන් බවට පත්වෙමින් තිබේ.