ස්ථානාධිපති තුමා තම දේශණයේදී උදාහරණ සහිතව කරුණු පැහැදිළි කළ අතර පළමුව ඊයේ දොම්පෙ ප්‍රදේශයේ තිදෙනෙක් පැමිණ පහරදී ලක්ෂ 8ක් මංකොල්ලකා පලාගිය සිදුවීම උදාහරණයක් ලෙස ගන්නා ලදී.අනතුරුව යම් ව්‍යාපාරිකයෙකු විසින් කළයුතු දෑ සහ නොකළයුතු දෑ ගැන සාකච්ඡා කරනලදී. ව්‍යාපාරිකොයකු දිනය අවසානයේ එකතුවන මුදල් බැංකුවේ තැන්පත් කිරීමේදී අනුගමනය කළ යුතු දෑ , තම ආරක්ෂකයින් සහ සේවකතයින් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු දෑ ආදියත් පිළිබඳව වටිනා කරුණු රාසියක් මෙහිදී මතුකරන ලදී.
යම් හොරකමක් හෝ මංකොල්ලයක් සිදුවන විට තමන්ගේ දුර්වලතා ගැන ඒ අයට ඇති කපටි අවබෝධය ගැනත්, එහිදී තමන් තේරුම් ගතයුතු දේවල් පිළිබඳවත් පැහැදිළි කිරීමක් කළ අතර. මෙම ආරක්ෂිත ක්‍රියාවලියේදී පොලීසියේ මැදිහත්වීම පිළිබඳවත් , පොලීසියේ ඊගල් මුර සංචාරක අංශයේ දායකත්වය ලබාදීම ගැනත් දැනුවත් කරන ලදී. සහකාර පොලිස් අධිකාරි තුමා ද මෙවැනිම උපදස් සහ අවවාද රාශියක් දෙමින් අදහස් දක්වන ලදී. නගරයේ ආරක්ෂාව වෙනුවෙන් මීගමුව පොලීසිය ක්‍රියාත්මක කරන මෙම කටයුත්ත අගයකළ යුත්තකි.