මීගමුවේ ව්‍යාපෘති කම්කරුවන්ට දින 20 කට වඩා වැඩකරන්න එපායැයි නියෝගයක් ?

0
121

MC sec and dayanමීගමුව මහනගර සභාව තුල විශාලව්‍යාපෘති කම්කරුවන් ගණනක් බදවා ගන්නට යෙදුනේ ලංසා පවුලේ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් ලෙසය.ඒ ඔවුන්ට දේශපාලිනිකව වැඩකළ අයට රැකියා දිමට සහ ඉදිරි දේශපාලන වැඩවලට යෙදවිමට යන කරුණු මුල්කරගෙනය.
ඊළග වැදගත්ම කරුණ වන්නේ මෙසේ බදවා ගත් ව්‍යාපෘති කම්කරුවන් අතර සැලකිලය ප්‍රමාණයක් සාරි ඇදන් වැඩට එන තරුණියන්ද සිටිමය.
මේ සියලු දේශපාලන නාඩගම් විසින් දැන් මිගමුව මහනගර සභාව දැවැන්ත මුල්‍ය අර්බුදයකට යවා හමාරය.
මේ මුල්‍ය කඩන් වැටිම නිසා නරාධිපතිට ඉතාමත් සමිප නිළධාරියෙකු පසුගිය දිනක මේ ව්‍යාපෘති කම්කරුවන් කැදවා කියා තිබුනේ කම්කරුවන් මසකට දින 20 කට වඩා වැඩියෙන් සේවය නොකල යුතු බවය.
ඒ මේ ව්‍යාපෘති කම්කරුවන්ට ගෙවන වැටුප සිමාකර ගැනිමටය.
කම්කරුවෙකු පවුලක් නඩත්තු කළයුතු අයෙකි. මහනගර සභාව මුල්‍ය  අර්බුදයකට ඇද දැම්මේද වැඩිපුර ව්‍යාපෘති කම්කරුවන් සේවයට බදවා ගනිමින් පමණක්ම නොවේ .
පසුගිය දිනවල පුටු මිලදි ගැනිමට මෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය මිලට ගැනිමට යැයි කියමින් රු කෝටියකටත් මහජන බදු මුදල් කිසිදු හිරිකිතයකින් තොරව නගරාධිපතිවරයා විසින් වැය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here