මීගමුවේ වැඩියෙන්ම ජනප්‍රිය ලංසාද? රොයිස්ද?

0
54

lansa 6මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත මහතා සිය දේශපාලන ජිවිතයේ තවත් පියවරකට අවතිර්ණ විම අද දිනයේ සිදුවිමට නියමිතය.
මීගමුව තුල තමන් පැමිණි පළමු පළාත් පලාණ මැතිවරණයෙන්ම විපක්ෂයේ වැඩිම මනාප දිනු පුද්ගලයා බවට ඔහු පත්විය.
ඉන් අනතුරුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මීගමුව පළාත් පාලන මැතිවරණ ඉතිහාසය තුල මැඩිම මනාප ප්‍රමාණයකට හිමිකම් කියන්නට රොයිස් විජිත මහතාට හැකි වන්නේ මනාප 25000 කටත් වඩා ලබාගැනිම තුලය.
මේ අතර මීගමුවේ ආණඩු පක්ෂ දේශපාලනය තුල වේගයෙන්ම ඉදිරියට පැමිණි නිමල් ලංසා අද ජාතික දේශපාලනයේ චරිතයක් බවට පත්ව තිබේ.
මේ නිසාම මෙවර ඔහුගේ ඇමතිධුරය කොතරම් නම් බරයිදැයි කිවහොත් එය විෂයයන් 11 කින් සමන්විතවේ.
කෙසේ වෙතත් මුළු රටම දන්නා පරිදි ඇමැති නිමල් ලංසා විශාල ධනස්කන්ධයක් මෙවර පළාත්පාලන මැතිවරණය සදහා වැය කළේය.ස්මාර්ට් ෆෝන්වල සිට බෝට්ටු දක්වා පරාසය මේ තෑගි ප්‍රදානයන් ඇතුළත්ව තිබුණි.
මේ සියල්ල වැයකරමින් හෝ ඔහුට මීගමුවෙන් ලබාගතහැකි වුයේ මනාප 23000 ක් පමණි.මින් කළකිරිමට පත්වු ඇමති නිමල් ලංසාගේ පියා ඇතුළු පිරිස ඇමති නිමල් ලංසාගෙන් විවිධ වරදාන ලබා ඡන්දය නොදුන් පිරිස වෙත දොස් පැවරිම ගැන රස කථා ගොන්නක් දැන් මීගමුවේ පැතිර යමින් තිබේ.
මුළු මැතිවරණය ව්‍යපාරය තුලම රැදවුම් භාරයේ සිටි රොයිස් විජිත මහතා කිසිදු මුදලක් වැය නොකර මනාප 18000 කටත් වඩා ලබාගෙන තිබේ.
කොටින්ම කියන්නේ නම් ඇමති නිමල් ලංසාගෙන් තෑගි ලැබු බොහොමයකගේ මනාපය පවා හිමිව තිබුනේ රොයිස් විජිතට යන්න අද මීගමුවේ රහසක් නොවේ.