මීගමුවේ වැනල් මධ්‍යස්ථානවල ප්‍රමිතිය ගැන සොයා බලන්නේ කව්ද ?

0
88

x lab NGBමීගමුව තුල හතු පිපෙන්නාක් මෙන් පසුගිය කාලය තුල ක්‍රියාත්මක වන්නට පටන්ගෙන ඇති චැනල් මධ්‍යස්ථානවල ප්‍රමිතිය පිලිබදව මෙන්ම ඒවායේ සේවාව පිළිබදවද ගැටළු මතුවෙමින් තිබේ.
නිදසුනක් ලෙස ගතහොත් මීගමුව රෝහල ඉදිරිපිට ඇති මේ වැනල් මධ්‍යස්ථාන බහුතරයක රෝගින්ට සුදුසු වතාවරණයක් ඇතිදැයි සිතෙන තරමටම ඒවායේ පහසුකම් පිළිබදව ප්‍රශ්ණ මතුව තිබේ.
එමෙන්ම ඒවායේ සේවය කරනු ලබන කාර්ය මණ්ඩල ගැනද මතු ව ඇති ප්‍රශ්ණ රැසකි.
විශේෂයෙන්ම විමසිම් කවුළුවල ඇති සේවක සේවිකාවන් බහුතරයක් දෙනාගෙන් වෛද්‍යවරුන් ගැන  අදාල දේවල් ගැන විමසා සිටිමේදි ප්‍රතිචාර දක්වනු ලබන අකාරය ගැනද කිසිදු ප්‍රසාදයක් නැතැයි බහුතරයකගේ මතයයි.එපමණක් නොව වෛද්‍යවරුන්ගේ අත්උදව් සදහා සහභාගි වන සේවිකාවන්ගේ ආදාල කාර්ය ගැන ඇති දැනුම සහ කුසලතා ගැනද ප්‍රශ්ණ මතුව තිබේ.
මෙහි වඩාත් ජුගුබ්සාජනක තත්වය මතුව ඇත්තේ 1981 සිට ක්‍රියාත්මක වනවා යැයි කියන X Lab නම්වු චැනල් මධ්‍යස්ථානය තුලය.
මේ ගොඩනැගිලිවල පිහිටිම හේතුකොට ගෙන මේ දිනවල ඇති උෂ්ණාධික කාල ගුණයත් සමගින් එහි පැමිණි වෛද්‍යවරුන් පැමිණෙන තෙක් පැය ගණන් රැදි සිටින්නට සිදුව ඇති  රෝගින් සහ ඔවුන් සමග පැමිණෙන අය මහත් අපහසුතාවලට මුහුණ දෙමින් සිටිති.
එබැවින් මීගමුව නගරයේ ඇති මේ මධ්‍යස්ථාන පිලිබදව අදාල බලධාරින් විසින් වහා මැදිහත්ව මේවා රෝගින්ට හිතකර වන අන්දමේ පරිසරයක් සහ සේවාවක් ස්ථාපිත කිරිම සදහා පියවර ගත යුතුය තිබේ.