මීගමුවේ වැල්ලේ දැන් කුණු මාළු විකුණපු කාලේ ඉවරයිද ?

0
117

( 11.30 am ) මිගමුවට මේ දවස් වල මාලු හිඟයි.එහෙම වුනාම  මිගමුවේ කොටුව පිට්ටනිය ලග මාලු කඩේ  විවිධ මාලු වර්ග අඩුමිළට විකුණපු සින් එකකුත් තිබුණා

එහෙනම් අනිවාර්යයෙන්ම කන්න තරම් ප්‍රමිතියක් නැති අයිස් මාලු වෙන්න ඇති කියන එක සැක කරන්නට ඕන අය ඇත්තටම දන්නව

මාලු හොදටම තියෙන කාලෙත් තරමක් ඉහල මිලක තිබුන සමහර දවස් වලට ද මිගමු වැල්ලේ තිබුනේ පට්ටම අඩුමිලකට. ඇත්ත කථාව දන්න අය දන්නව .නමුත් පිටපළාත් වලින් මිගමුවේ විවිධ වැඩ රාජකාරි වලට ඇවිත් ආපහු ගෙදර යන ගමන් මිගමුවේ වැල්ලෙන් මාළු ටිකක් ගමු කියල වැල්ල පැත්තට එන අයත් සෑහෙන්න ඉන්නවා

අපි හිතුව වගේම මේ මාලු අරන් ගිහින් උයපු කිපදෙනෙක්ම මිපුර අමතල කිව්වෙි ඇයි මේ විදියට කන්න බැරි මාලු මේ මාලු කඩේ  විකුණන්නේ කියල.

එහෙම කරන එක ඇත්තටම හරි නැ. මොකද මාළු ගැන දන්න අය නම් මේවට අහුවෙන්නේ නැතුව බේරෙනව.
නමුත් නොදන්න අය අහු වෙනව විතරක් නෙමේ වැල්ලේ මාළු කඩේ ගැන ලොකු විශ්වාසය පළුදු විමක් වෙනව.

මේ ගැන අප ලගදි කථා කරල ඇහැව්ව මාළු කඩේ ටෙන්ඩර් එක කරන් යන වැල්ලවිදිය ඒකාබද්ධ සංවිධානයේ ප්‍රධාන නිලධාරියෙකුගෙන්.
එයා කිව්වේ මාළු ලැලි වල මාළු විකුණන හැම දෙනාවම දැනුවත් කරල තියෙනව ප්‍රමිතියෙන් තොර අයිස් මාළු විකුණන්න එපා කියල.
දැන් ඒක සෑහෙන දුරට අඩුයි. අපි පීඑච්අයි මහත්තයාලටත් කියල තියෙනව ඇවිත් බලන්න කියල

කොහොම හරි එහෙම ප්‍රමිතියෙන් තොර මාළු අරන් ගිහින් අමාරුවේ වැටුන අයටත් ඉන්නව නම් අපිව දැනුවත් කරන්න අපි එතකොට අවශ්‍ය පියවර ගන්නවා ඒකට.

wp 17133473211063226633340591044277 e1713348908122

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here