මීගමුවේ වෛද්‍ය රසායනාගාර මාෆියාව ?????

0
93

මීගමුව ප්‍රදේශයට සේවය සපයන්නට දිවයිනේ නමක් දිනාගත් වෛද්‍ය රසායනාගාර රුසක් ඇත. ඒ අතර ආසිරි රසායනාගාරය, ඩර්ඩන්ස් රසායනාගාරය, හේමාස් රසායනාගාරය, ප්‍රධාන වන අතර එම ප්‍රධාන රසායනාගාර වල එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස කියා ගන්නා ආයතන වලින්ද මීගමුවට අඩුවක් නැත.

එවැනි එකතුකිරිමේ මධ්‍යස්ථාන හරහා සිදුවූ වෙවද්‍ය වාර්ථා පිළිබද අක්‍රමිකතා අපි පසුගිය දින වල ඔබට හෙලිදරව් කලෙමු. තත්වය එසේ තිබියදී මේ ලිපිය ලියන්නේ එම වෛද්‍ය රසායනාගාර වලින් එකම පරීක්ෂණ සදහා විවිධ මිළ ගණන් අය කිරීම සම්බන්දයෙනි.

ඩර්ඩන්ස් රසායනාගාරයෙන් Urine Full Report nua නම් පරීක්ෂණය සදහා රු.230 ක මිලක් අය කරන අතර ආසිරි රසායනාගාරයේ එම පරීක්ෂණය සදහාම රු.280 ක මිලක් අය කරණු ලබයි. එලෙසම පෙර කියන ලද ප්‍රධාන වෛද්‍ය  රසායනාගාර වල එකතු කිරීමේ මධ්‍යස්ථාන යැයි කියාගන්නා ස්ථාන වල එම පරීක්ෂණයටම අය කරන්නේ රු. 170 ත් රු.150ක් අතර මිලකි.
නමුත් ගැටළුව වන්නේ මෙසේ ස්ථානයෙන් ස්ථානයට එකම පරීක්ෂණයේ වටිනාකම වෙනස් වන්නේ කෙසේද යන්නයි.
එලෙසම මින් පෙර ඩෙංගු රෝගය හදුනා ගැනීම සදහා කරනු ලබන පරීක්ෂණය සදහාද විවිධ ස්ථාන වල විවිධ මිළ ගණන් අය කරන බවද අප හෙළිකර ඇත්තෙමු.නිදසුනක් ලෙසින් ඩෙංගු කල් ඇතිව හදුනාගැනිම සදහා කරනු ලබන පරික්ෂණය සදහා හේමාස් ආයතනය විසින් රු 2000 ක්  අයකරන අතර මීගමුවේදි ආසිරි ආයතනය අයකරනු ලබන්නේ රු 1000 ක මුදලකි.
ඒ ආයතන අතර ඇති මිළ යුද්ධයයි.
හැමදේම මුදලට විකිණෙන ලෝකයක අහිංසක මිනිසුන්ගේ සෞඛ්‍යද මුදලට විකිණෙන්ට පටන් ගෙන ඇති බව දැන් පැහැදිලිය. දිවයිනේ අතිශයින්ම වගකිවයුතු ආයතන පවා මෙලෙස වගකීම් විරහිතව මුදල් පසුපස යමින් වෛද්‍ය වාර්ථා නිකුත් කිරීමෙන් අහිංසක රෝගීන්ට සිදු වන දෙයට මෙම ආයතන වගකීම බාර ගන්නේද යන්නද සැක සහිතය.