spot_img
spot_img
spot_img
spot_img
Monday, April 21, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Stories මීගමුවේ සංචාරක පොලිසියෙන් අාරක්ෂාව ලැබෙන්නේ සංචාරයකයන්ටද ?

මීගමුවේ සංචාරක පොලිසියෙන් අාරක්ෂාව ලැබෙන්නේ සංචාරයකයන්ටද ?

0
147
http://www.travelphotogallery.net/sri-lanka/negombo
http://www.travelphotogallery.net/sri-lanka/negombo

(8.00 am ) දිවයිනේ පුරා පිහිටි  සංචාරක කලාප වල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතැයි නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදි පවසා තිබුණි.

.විදේශිකයින්ට හිරිහැර කිරීම මේවනවිට දිනෙන් දිනෙම වැඩිවෙමින් පැවතීම නිසා  සංචාරකයින් ආරක්ෂා කර ගැනීම හා අවශ්‍ය සහාය ලබා දීම්  වෙනුවෙන් මෙම නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවෙන බවත් , ඒ සඳහා විදේශීය භාෂා පුහුණුව සහිත නව පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර එහිදි වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.කෙසේ වෙතත් පසුගිය කාලය තුල අවස්ථා ගණනාවකදිම රටේ විවිධ පළාත්වලදි සංවාරකයන්ට ආරක්ෂාව පිළිබදව ගැටලු මතුව තිබුණි.
මීගමුවේදිද මේ තත්වය අවස්ථා කිපයකදිම මතුව තිබුණි.
ඇතැම් අවස්ථාවලදි මිගමුවේ සංවාරක පොලිසියට ඇතැමුන් චෝදනා එල්ල කර තිබුනේ එය සංවාරකයන්ට ආරක්ෂාව දිම  පිළිබදව අවධානය යොමුකරනවාට වඩා මිගමුවේ ඇතැම් දේශාපලකයන්ට අයත් විවිධ ව්‍යාපාරික ස්ථාන ගැන අවධානය යොමු කරන බවය.එපමණක් නොව පසුගිය කාලයේ මිගමුවේ සංවාරක පොලිසියේ ප්‍රධානියෙකුට හදිසියේම ස්ථාන මාරුවක් ලැබුණි. මීගමුවේ පිහිටි සම්බාහන ආයතන වලින් කප්පම් ගැනිම ඔහුට එරෙහිව වු ප්‍රධාන චෝදනාව වි තිබුණි.
කෙසේ වෙතත් මේ ස්ථාන මාරුව ලැබු පොලිස් නිළධාරියාට මීගමුවේ ප්‍රබල දේශපාලන පවුලක් විසින් පවත්වාගෙන යන ලබන ව්‍යාපාරික ස්ථානයක් තුලදි සමුදිමේ සාදයක්ච පවත්වා තිබුණි.
දැන් නැවත් වටයකින් සංවාරකයන්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණය  ඉහලට පැමිණ තිබේ.එබැවින් සැබැවින්ම සංචාරයකන්ගේ ආරක්ෂාව ගැන 24 පැයේම අවධානයෙන් සිටින සංවාරක පොලිසියක අවැසිතාව අද අන් කවදාටවත් වඩා වැඩියෙන් තිබේ.
මීගමුවේ දි එය අද තවත් වැදගත් වි ඇත්තේ මැරයන් ඉඹලා පිලිගන්නා නගර පාලනයක්ද ක්‍රියාත්මකව පවතින බැවිනි.
ඒ සදහා ප්‍රමාණවත් වැඩපිළිවෙලක් යොමු කිරිම තුල පමණක් ශ්‍රිලංකා පොලිසියේ හොදනමත් සංවාරක කර්මාන්තයත් රැකෙනු ඇත.

 

 

 

 

05qo3mwdbq70

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here