මීගමුවේ සංවර්ධනයට පස්ස හරවන RDA ටී.ඕ ලා …..???????

0
150
මෙහි දිස්වන්නේ මීට වසරකට පමණ ඉහතදි කාණුකැටය කැඩිතිබුණ අයුරුයි.
මෙහි දිස්වන්නේ මීට වසරකට පමණ ඉහතදි කාණුකැටය කැඩිතිබුණ අයුරුයි.

ආනන්ද මුණසිංහ විසින් මුල් ගල් තබා අරඹන්නට යෙදුන මීගමු දේශපාලනයේ චණ්ඩිකරණය පසුව ඇන්ටනි නිමල් ලංසා විසින් මල් මාලා දමා ඔහුගේම කරගත්තේය.
එතැන් පටන් මීගමුවේ අතිබහුතරයක් රාජ්‍ය නිළධාරින් පවා කල්පනා කලේ කෙසේ හෝ  මාටියා ගසාගෙන ගොඩයන ක්‍රමයක් ගැනය.
මේ  දේශපාලන සංස්කෘතිය හේතුකොට ගෙන මීගමුවේ දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද එක්ව මුදල් ගසා කෑම සිය ජිවිකාව කරගත්තා හැරෙන්නට නගරයේ ඇත්ත අවැසිතා සොයා එයට නිසි පිළියම් නිසිකලට දෙන්නට කටයුතු කලේ නැත.
මේ නිසාම මීගමුව තුල යහපාලනය ගොඩනැගිම බරපතල ගැටළුවක්ව පවති.
මීගමුව නගරයේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකරමින් වානිජ නගරයක් ලෙසින් සෙසු නගර හා තරග කරන්නට නිසි යටිතල පහසුකම් ඇතිකිරිම මෙන්ම ඒවා කාර්යක්ෂම ලෙසින් නඩත්තු කිරිමද පවතින බරපතල අවශ්‍යතාවකි.
එහෙත් අවසනාවකට මෙන් මීගමුව තුල අදාල රාජ්‍ය ආයතනයන්ගේ යටිතල සේවා පහසුකම් නඩත්තු කිරිම කිසිම කමකට නැති තත්වයක් ජනිත කර තිබේ.
නිදහසුනක් ලෙසින් ගත හොත් මීගමුව මහනගර සභාව ඉදිරිපිට ඇති කාර්ගිල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළද සැලේ පිවිසුම් මගෙහි අතුරා ඇති කාණු කැට කැඩි ගොස් අවධානම් තත්වයක් මතුව තිබිම දැන් වසර ගණනක දිගු කාලින ප්‍රශ්ණයක් ව පවති .මේ ගැන කාර්ගිලස් ආයතනයේ නිළධාරින් මාර්ග සංවර්ධන අධිකාරියට නිරන්තරයෙන්ම මතක් කළද ඊට යහපත් ප්‍රතිචාර ලැබුනේ නැත.
මෙම ප්‍රදේශය භාරව සිටින තාක්ෂණික නිළධාරි මහතාගේන් මේ පිළිබදව විමසා අප වෙබ් අඩවිය මතක් කිරිම් කිපයක් කළද එහි කිසිදු ප්‍රගතියක් සිදුව නැත.
මීගමුව නගරය අළුතින් ගොඩනැගිමේදි අප මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව වන්නේ මෙවැනි නිළධාරින්ගේ බරපතල අකාර්යක්ෂමභාවයයි.තෙල්වත්ත හංදිය ප්‍රදේශය භාර මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිළධාරි ජයසිංහ මහතාට අප අවස්ථා ගණනාවකදිම මේ නිශ්චිත කරුණ ගැන මතක් කළද කිසිදු ප්‍රගතියක් සිදුවුයේ නැත
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
මේ තත්වය වෙනස් කරගැනිමට නම් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉජිනේරුවරිය වන වෛද්‍යසුරිය මහත්මියට විශාල වගකිමක් පැවැරෙනු ඇත.කෙසේ වෙතත් අප  මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේ කෙසේ මේ ඉදිරි දින කිපය ඇතුලතදි පිළිසකර කර දිමට පොරොන්දුව වන බවයි.