මීගමුවේ සංවාරක කලාපයේ ආරක්ෂාව අනතුරේ ? සතියක් ඇතුළත් හොරකම් 2 ක් ?

0
134
ඡායාරුපය සිද්ධිය අදාල එකක් නොවේ.
ඡායාරුපය සිද්ධිය අදාල එකක් නොවේ.

(4.40 am ) මීගමුව සංවාරක කලාපය තුල සංවාරකයන්ගේ අාරක්ෂාව පිළිබදව දැන් සතිපතා විවිධ ගැටළු මතුවෙමින් තිබේ.
එනම් මේ කලාපය තුල සංචාරයකයන්ට නිදහසේ සැරිසරන්නට නොහැකි තත්වයක් උදාවි තිබිමය.
පසුගිය සතියකදි පමණක් මෙසේ අවස්ථා දෙකකදි යතුරු පැදි වලින් පැමිණි සොරුන් විසින් විදේශිකයන්ගේ අත්බෑග සොරාගෙන තිබිම මීගමුව සංචාරක කලාපයේ පවතින අානාරක්ෂිත බව  හෙළිදරව් කොට හමාරය.
සංචාරක පොලිසිය සිය රාජකාරිය නිසි ලෙසින් සිදුකරන්නේ නම් මෙසේ නිදහසේ කිසිදු බයක් සැකයක් නැතිව හොරුන් හැසිරෙන්නේ නම් එහි වරද ඇත්තේ කාගේද ?
මේ නිසාම සංවාරක පොලිසියේ ඇතැම් නිළධාරින් හට දැනටමත් විවිධ චෝදනා ඇත්තේය.
මෙහි ඇති කුප්‍රකට විවේචනය වි ඇත්තේ සංවාරක පොලිසිය සිටින්නේ සංචාරකයන්ගේ ආරක්ෂාවටද නැතිනම් ලංසාගේ පියාගේ වෙරළඋද්‍යානයේ ආරක්ෂාවටද යනුවෙනි.
කෙසේ වෙතත් මිගමුවේ පොලිසියේ උසස් නිළධාරින් මේ තත්වය ගැන වහා මැදිහත් විය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here