(4.30 pm) මීගමුවේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සැම මේ දිනවල විපරම් කරමින් සිටින්නේ ප්‍රධාන පක්ෂ විසින් ඉදිරිපත් කරන්නට යන නගරාධිපති අපෙක්ෂකයන් කව්දැයි කියාය.
ජාතික ජනබලවේගය සිය නගරාධිපති අපෙක්ෂකයා ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් තවමත් කර ඇති බවක් නොපෙනේ .
මේ අතර සජබද සිය නගරාධිපති අපෙක්ෂකයා සදහන් කිරිමක් තවමත් නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාක්ෂිකයන් අතර මෙන්ම අපෙක්ෂකයන් අතරද නම් දෙක තුනක් පිළිබදව කසුකුසුවක් පවතින බව සැලය.
මේ සම්බන්ධයෙන් සජබ අපේක්ෂක බන්දුල නාඹටුන්න ගෙන් කළ විමසුමකදි කියා සිටියේ කොළඹ සජප නගරාධිපති අපේක්ෂකයා නම් කළද වෙනත් නගර වලට නම් කරන්නේ නැති බවය.